අවශ්‍ය ද්‍රව්‍ය
- දෙළුම් ගෙඩි 12
- බාර්ලි ස්වල්පයක්
- සීනි කිලෝග්‍රෑම් 1
- සිට්රික් ඇසිඩ් තේ හැඳි 2
- වතුර ලීටර් 5
- ඊස්ට් ස්වල්පයක්
- නියුට්රියන් තේ හැඳි 1
සාදගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට ජලය හා බර්ලි එකතු කර මිනිත්තු 6 ක් පමණ තම්බා වතුර පෙරාගන්න. පොතු ඉවත් කරගත් දෙළුම් චොප් කර බර්ලි සමග කලවම් කර එයට සීනි හා සිට්රික් ඇසිඩ් එකතු කරගන්න. මිශ්‍රණය හොඳින් ආවරණය කර පැය 24 ක් පමණ තිබෙන්නට හරින්න. නැවත මේ මිශ්‍රණයට නියුට්රියන් හා ඊස්ට් එකතු කර දින7 ක් පමණ තබන්න. දිනපතා මෙම මිශ්‍රණය කලවම් කිරීමට වග බලාගන්න. පසුව එය තවත් බදුනකට පෙරා නැවත දින 30 ක් පමණ තිබෙන්නට හැර නැවතත් මිශ්‍ර කර මාස හයක් තබන්න.