අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි බෝතල් 1/2
- මද්‍යසාර බෝතල් 1 1/2
- ජලය බෝතල් 1/2
- සීනි ග්‍රෑම් 500
- රත්කර ගත් සීනි කෝප්ප 1/2
- කරදමුංගු ස්වල්පයක්
- එනසාල් ස්වල්පයක්
- කුරුඳු පොතු ස්වල්පයක්
- අන්නාසි යුෂ කෝප්ප 1 1/2
- දෙහි ගෙඩි තුනක ලෙලි
- දෙහි යුෂ ස්වල්පයක්
- දොඩම් යුෂ ස්වල්පයක්
- දොඩම් ලෙලි ස්වල්පයක්
- සාදික්කා ස්වල්පයක්
සාදගන්නා ආකාරය
කරදමුංගු, එනසාල්, කුරුඳු පොතු, සාදික්කා, දොඩම් ලෙලි හා දෙහි ලෙලි හොඳින් තලාගන්න. එයට මද්‍යසාර එකතු කරන්න. මෙම මිශ්‍රණය දිනපතා මිශ්‍ර කරමින් දවස් 3 ක් පමණ තිබෙන්නට හරින්න.
භාජනයක් ගෙන එයට සීනි, කිරි හා දෙහි දමා හොඳින් රත් කරගන්න. ඉන්පසු සීනි, දෙහි යුෂ, දොඩම් යුෂ හොඳින් බ්ලෙන්ඩර් කර මිශ්‍රණයට එකතු කරගන්න. පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන දෙවරක් පමණ පෙරාගෙන බෝතල් වලට දමා සුළං නොවදින සේ අවරණය කර සතියක් පමණ තබන්න. සතියකට පසු මෙය නැවතත් පෙරාගෙන භාජනයකට දමා ඉතිරි සීනි හා ජලය ගෙන සීනි පැණිය සාදා එය බීට් රූට් මිශ්‍රණයට දමා දවස් 5 ක් පමණ තිබෙන්නට හැර හොඳින් කලවම් කර බෝතල් වලට දමාගන්න.