අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩය කපාහත් කොමඩු ගෙඩියක්
- සුදු සීනි කිලෝග්‍රෑම් 2
- සිට්රික් ඇසිඩ් මේස හැඳි 1/3
- ඊස්ට් මේස හැඳි 1
- වතුර අවශ්‍ය ප්‍රමාණයට
සාදගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට කපාගත් කොමඩු හා වතුර එකතු කරගන්න. පසුව එම මිශ්‍රණය පෙරාගෙන නිවෙන්නට හරින්න. පසුව එම මිශ්‍රණයට ඊස්ට් දමා වියළි ලී පත්තකින් මිශ්‍ර කර එයට සිට්රික් ඇසිඩ් ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
මෙම භාජනයේ කට හොඳින් වසා සති 3 ක් පමණ තබන්න. සෑම දිනකම මිශ්‍රණයේ පැණි රස පරීක්ෂා කරමින් මිශ්‍ර කිරීමට වග බලාගන්න. මෙහි පැණි රස නැති වූ පසු මස්ලින් රෙද්දක් ආධාරයෙන් වෙනත් බඳුනකට පෙරාගන්න.