අවශ්‍ය ද්‍රව්‍ය
- නෙල්ලි කිලෝග්‍රෑම් 2
- කැබලි කරගත් හකුරු කිලෝග්‍රෑම් 2
- වියළි මිදි ග්‍රෑම් 100
- ග්‍රයින්ඩ් කරගත් කරාබු නැටි 4
- ග්‍රයින්ඩ් කරගත් ගම්මිරිස් මේස හැදි 1
- ග්‍රයින්ඩ් කරගත් කරදමුංගු 4
- ග්‍රයින්ඩ් කරගත් කුරුඳු පොතු කැබැල්ලක්
- අවශ්‍ය ප්‍රමාණයට වතුර
සාදගන්නා ආකාරය
වීදුරුවක් ගෙන එහි නෙල්ලි ලේයර් එකක් ආකාරයට අතුරාගෙන ඊට උඩින් හකුරු අතුරාගන්න. ඉන් අනතුරුව ග්‍රයින්ඩ් කරගත් අමුද්‍රව්‍ය අතුරා නෙල්ලි අවසන් වෙන තෙක් මේ ආකාරය අමුද්‍රව්‍ය සියල්ල පියවරෙන් පියවර අතුරාගන්න. පසුව වීදුරුව හොඳින් ආවරණය කර දිනකට පසු ලී පත්තකින් මිශ්‍රකර පෙර පරිදිම හොඳින් වසා තබන්න. මාස 2 කට පසුව මේ මිශ්‍රණය පෙරා භාවිතයට ගන්න.