අවශ්‍ය ද්‍රව්‍ය
- කේක් බැටර් එක සඳහා පාන් පිටි ග්‍රෑම් 165
- බටර් ග්‍රෑම් 80
- සීනි ග්‍රෑම් 80
- බිත්තර 3
- කිරි කෝප්ප 1/4
- වැනිලා තේ හැඳි 1
- බේකින් පවුඩර් තේ හැඳි 2
- නැවුම් බ්ලූබෙරි ග්‍රෑම් 200
ක්‍රම්බල් ටොපින් සඳහා
- පාන් පිටි ග්‍රෑම් 85
- බටර් ග්‍රෑම් 55
- දුඹුරු සීනි ග්‍රෑම් 50
- කුරුඳු කුඩු තේ හැඳි 1/4
- අයිසින් සීනි
සාදාගන්නා ආකාරය
ක්‍රම්බල් ටොපින් එක සඳහා පිටි, සීනි, කුරුඳු කුඩු ටික එක්කර මිශ්‍ර කරන්න. එයට බටර් ටික එකතුකර මිශ්‍රණය පොඩි වැලි කැට ආකාරයට එනතුරු පිටි සමග හොඳින් කලවම් කරගන්න. කේක් බැටර් එක සාදා ගන්න. වෙනම බෝල් එකකට බටර් හා සීනි ටික දමා හොඳින් බීට් කරන්න.
එයට බිත්තර එකින් එක එකතුකර බීට් කර ගන්නා අතරතුර කිරිද එකතු කරගන්න.පිටි, බේකින් පවුඩර් සමග මිශ්‍ර කර ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එකතුකර කලවම් කරමින් බ්ලූබෙරි වලින් භාගයක් බැටර් එකට එකතුකර මිශ්‍ර කර ගන්න.
බැටර් එක අඟල් 8 ක රවුම් බේකින් ටේ්ර එකකට දමා එයට උඩින් ඉතුරු බ්ලූබෙරි ටිකද එකතුකර ගන්න. එයට උඩින් කලින් සාදාගත් ක්‍රම්බල් ටොපින් එක දමා විනාඩි 40 ක් අංශක 180 උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කර අවන් එකක බේක් කරගත් කේක් එක විනාඩි 15 ක් පමණ නිවෙන්න හැර එයට උඩින් අයිසින් සීනි ටිකක් ඉස ගන්න.