අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 2
- ග්‍රේට් කරගත් ඇපල් ගෙඩියක්
- බේකින් පවුඩර් සහ බේකින් සෝඩා තේ හැඳි භාගය බැගින් මිශ්‍ර කර ගත් පාන් පිටි කෝප්ප 1
- සීනි කෝප්ප 1 (සුදු සීනි සහ දුඹුරු සීනි සමසමව)
- බිත්තර 2
- එළවළු තෙල් කොප්ප 1/2
- කුරුඳු කුඩු සහ සාදික්කා තේ හැඳි 1
- ලුණු තේ හැදි 1/4
- කජු සහ වියළි මිදි කෝප්ප 1
සාදාගන්නා ආකාරය
බිත්තර 2 හොඳින් විස්ක් එකකින් ගසා එයට සීනි සහ තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. එයටම කුරුඳු කුඩු, සාදික්කා කුඩු, ලුණු එකතු කර කැරට් සහ ඇපල් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. පසුව කජු සහ වියළි මිදි ද එකතුකර පිටි ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍රකර අංශක 160 උෂ්ණත්වය යටතේ විනාඩි දහයක් රත්කරගත් උඳුනක පැය භාගයක් පමණ පුළුස්සා ගන්න.