අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ගිසර්ඩ් ග්‍රෑම් 200
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 4
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- මිරිස් කුඩු ස්වල්පයක්
- කහ කුඩු ස්වල්පයක්
- තුනපහ කුඩු ස්වල්පයක්
- සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 10
- සෝයා සෝස් ස්වල්පයක්
- අබ ක්‍රීම් ස්වල්පයක්
- රස අනුව ලුණු
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ගිසර්ඩ් හොඳින් සෝදා එයට අබ ක්‍රීම් සහ සෝයා සෝස් දමා පසෙකින් තබන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු සහ ලූනු එකතුකර හොඳින් කලවම් කර එයට මිරිස් කුඩු, කහ කුඩු සහ තුනපහ දමා මද ගින්නෙ කලවම් කර අවසානයට ගිසර්ඩ් එකතුකර විනාඩි 5 ක් පමණ පිසගෙන වතුර ස්වල්පයක් එකතුකරන්න.