අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් මාළු ග්‍රෑම් 250
- ලොකු ලූනු ගෙඩි 2
- හීන් කොච්චි කරල් 10
- අමුමිරිස් කරල් 10
- සුදුලූනු බික් හතරක්
- කෑලිමිරිස් තේහැඳි 2
- ගම්මිරිස්කුඩු තේහැඳි 1
- කජු ග්‍රෑම් 100
- දෙහි ගෙඩියක යුෂ
- සීනි තේහැඳි 1
- තක්කාලි සෝස් කෝප්ප 1/2
- පොල්තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තලපත් මාළු සාමාන්‍ය ප්‍රමාණයට පෙති කපා එයට කහකුඩු, ගම්මිරිස්කුඩු, දෙහි යුෂ, ලුණුකුඩු එකතුකර පැයක් පමණ සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස්, කොච්චි වෙන් නොවන ලෙස මැදින් පලාගන්න. ලූනු, සුදුලුනු, තක්කාලි පෙති කපාගන්න.
පෑන් එකක් ළිපේ තබා එය රත්වන විට පොල්තෙල් මේසහැඳි දෙකක් එකතුකර එයට තක්කාලි සෝස්, සීනි, කෑලිමිරිස්, ගම්මිරිස්කුඩු, රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කර සෝස් එක සාදාගන්න. එයටම කපාගත් ලුනු, තක්කාලි, කොච්චි, අමුමිරිස්, කජු, බැදගත් මාළු එකතුකර හොඳින් කලවම් කර රස අනුව ලුණු එකතුකර පිළිගන්වන්න.