අවශ්‍ය ද්‍රව්‍ය
- වැව් මාළු ග්‍රෑම් 500
- අමුමිරිස් කරල් 10
- සුදුලූනු ගෙඩියක්
- බී ලූනු ගෙඩි 2
- තක්කාලි ගෙඩි 1
- කරපිංචා
- විනාකිරි මේසහැඳි 1
- ගම්මිරිස්කුඩු තේහැඳි 1
- කුරුඳු කුඩු ස්වල්පයක්
- පොල්තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මාළු සෝදා එයට ගම්මිරිස්කුඩු, ලුණුකුඩු, කහකුඩු එකතුකර පැය භාගයක් පමණ සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. ලූනු, තක්කාලි, සුදුලූනු, අමුමිරිස්, වතුර මේසහැඳි දෙකක් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
භාජනයක් ළිපේ තබා එය රත්වන විට පොල්තෙල් මේසහැඳි එකක් එකතුකර කරපිංචා, ගම්මිරිස්කුඩු, කුරුඳු කුඩු එකතුකර කලවම් කර එයටම අඹරා ගත් ලූනු, තක්කාලි, සුදුලූනු, අමුමිරිස් මිශ්‍රණය එකතුකරන්න. අවසානයේ විනාකිරි, රස අනුව ලුණු එකතුකර හොඳින් උතුරවා උකු සෝස් එකක් සාදාගන්න. බැදපු වැව් මාළු දීසියකට අසුරා එයට සාදාගත් සෝස් මිශ්‍රණය එකතුකර පිළිගන්වන්න.