අවශ්‍ය ද්‍රව්‍ය
- තෝරා මාළු ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 3
- සුදුලුනු ගෙඩියක්
- නයිකොච්චි කරල් 5
- මාළු මිරිස් කරල් 2
- තක්කාලි ගෙඩියක්
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1 1/2
- කහකුඩු තේ හැඳි 1/4
- රම්පෙ, කරපිංචා
- කුරුඳු
- එනසාල් ඇට පහක්
- විනාකිරි මේස හැඳි 2
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
තෝර මාළු කුඩා කැබලිවලට කපා එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, සුදුලූනු, විනාකිරි, වතුර අඬු කෝප්ප දෙකක් එකතුකර තම්බා ගන්න. එය හොඳි සමගම ළිපෙන් ඉවතටගන්න. අනතුරුව ලූනු, තක්කාලි, මාළුමිරිස්, නයිකොච්චි රවුම් හැඩැති පෙති කපාගන්න.
වෙනත් භාජනයක් ළිපේ තබා එයට පොල්තෙල් මේසහැඳි දෙකක් එකතුකර තෙල් රත්වනවිට එයට කපාගත් ලූනු, නයිකොච්චි, තක්කාලි, මාළු මිරිස් එකතු කර හොඳින් කලවම් කර එය තම්බාගත් මාළු මිශ්‍රණයට එකතුකර රස අනුව ලුණු එකතුකර පිළිගන්වන්න.