අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපා ගත් කුකුල් මස් ග්‍රෑම් 600
- කහ කුඩු තේ හැඳි 1/2
- දෙහි යුෂ මේස හැඳි 3
- සිහින්ව කපාගත් ලොකු මාළු මිරිස් 3
- ලූනු ගෙඩි 2
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1
- අමුමිරිස් කරල් 5
- රම්පෙ කැබැල්ලක්
- කරපිංචා ඉති 2
- තලා ගත් සුදු ලූනු බික් 4
- කෑලි මිරිස් මේස හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 4
- ස්වීට් චිලි සෝස් මේස හැඳි 2
- සීනි මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ලුණු, කහ කුඩු, දෙහි යුෂ දමා විනාඩි 30 ක් සීසන් කර ගැඹුරු තෙලේ රන්වන් පාටට වෙනතුරු බැද ගන්න. තෙල් රත් වූ පෑන් එකකට සුදු ලූනු, රම්පෙ, කරපිංචා, ලූනු, මාළුමිරිස්, අමුමිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, සීනි, ලුණු දමා මද වේලාවක් තෙම්පරාදු කර සෝස් වර්ග එකතු කර කලවම් කර බැදගන්න. අවසානයේ කුකුල් මස්වලට තක්කාලි එකතු කර කලවම් කරන්න.