අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 4
- තෙල් මේස හැඳි 2
- සූදුරු තේ හැඳි 1/4
- අමුමිරිස් කරල් 2
- මිරිස් කුඩු තේ හැඳි 3/4
- වතුර කෝප්ප මිලිලීටර් 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අල හොඳින් තම්බා කෑලි හිටින සේ පොඩි කරගන්න. පෑන් එකකට තෙල් දමා රත් වන විට සූදුරු, අමුමිරිස්, මිරිස් කුඩු දමා බැද ගන්න. පොඩි කර ගත් අල ටික එකතුකර මිශ්‍ර ගන්න. එයටම වතුර කෝප්ප 1 1/2, කහ කුඩු, කරපිංචා, ලුණු කුඩු, බැදපු තුනපහ කුඩු එකතු කර කලවම් කර පෙරලමින් හින්දවා ගෙන උඩින් කොත්තමල්ලි කොළ ටිකක් ඉස සරසා ගන්න.