අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉඳුණු ඕනෑම වර්ගයක කෙසෙල් ගෙඩි 2
- යෝගට් හෝ මුදවපු කිරි මේස හැඳි 2
- මී පැණි මේස හැඳි 1
- වතුර කෝප්පයක්
- අයිස් කැට කිහිපයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම බ්ලෙන්ඩර් කප් එක ගෙන එයට කෙසෙල් ගෙඩිවල ලෙලි ඉවත් කර කෑලි කපා එකතු කරන්න. එයටම යෝගට් හෝ මුදවපු කිරි, මී පැණි, වතුරකෝප්පය සහ අයිස් කැට යොදා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මෙය දෙදෙනෙකු සඳහා ප්‍රමාණවත් වේ.