අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කර පොඩියට කපාගත් ඉදුණු අඹ ගෙඩි 4
- මී කිරි ලීටර් 1
- සීනි ග්‍රෑම් 150
- ජෙලටින් ග්‍රෑම් 10
- කපාගත් රතු චෙරි ගෙඩි 5
- වතුර අඬුකෝප්ප 1
සාදාගන්නා ආකාරය
කපාගත් අඹවලට වතුර දමා බ්ලෙන්ඩ් කරගන්න. එයටම මී කිරි සහ සීනි දමා හොඳින් බ්ලෙන්ඩ් කර එම් මිශ්‍රණයට චෙරි සහ දියකරගත් ජෙලටින් එකතුකර කලවම් කරගන්න. මිශ්‍රණය සුදුසු භාජනයකට දමා ශීතකරණයේ තබන්න.