අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි ගෙඩි 10
- කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 200
- නැවුම් එළකිරි ලීටර් 1
- සීනි ග්‍රෑම් 250
- කජුමද ග්‍රෑම් 30
සාදාගන්නා ආකාරය
කිරි සහ ස්ට්‍රෝබෙරි කෑළි සිටින සේ බ්ලෙන්ඩ් කර එයට කස්ටඩ් දමා මිශ්‍රකරගන්න. එම මිශ්‍රණයට සීනි සහ කජු එකතුකර ළිප තබා උකුවනතුරු උතුරවාගන්න. එම මිශ්‍රණය සුදුසු භාජනයකට දමා ශීතකරණයේ තබන්න.