අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක කැබලිවලට කපාගත් ඌරුමස් ග්‍රෑම් 500
- මිරිස් කුඩු මේස හැඳි 1
- තුනපහ කුඩු මේස හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- සෝයාසෝස් තේ හැඳි 2
- විනාකිරි තේ හැඳි 1
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි 1
(පළමුව ඉහත ද්‍රව්‍ය සියල්ල දමා ඌරුමස් සීසන් කරගෙන ගැඹුරු තෙලේ බැද ගන්න. )
- ලූනු ගෙඩි 2
- ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැඳි 1
- මාළු මිරිස් කරල් 4
- තක්කාලි ගෙඩියක්
- අමුමිරිස් කරල් 2
- තක්කාලි සෝස් තේ හැඳි 6
- සීනි තේ හැඳි 1
- මිරිස් කෑලි තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
ඩෙවල් එක සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් එකතු කර ඉඟුරු, සුදුලුනු පෙස්ට් එක දමා විනාඩියක් තෙම්පරාදු වන්නට හැර බැදගත් ඌරුමස් ටික එකතු කරගන්න. කෑලිමිරිස්, ගම්මිරිස්, රස අනුව ලුණු එකතු කර එයට තක්කාලි සෝස්, සීනි, සෝයාසෝස් එකතු කර තත්පර 30 ක් තෙම්පරාදු කරගන්න. දැන් කපා ගත් ලුනු, මාළු මිරිස්, අමුමිරිස්, තක්කාලි එකතු කර විනාඩියක් දෙකක් පමණ පිසගන්න.