අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව තිරූ කපා ගත් එළුමස් ග්‍රෑම් 100
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- තුනපහ තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2
- බැදගැනීමට තෙල්
- ලූනු ගෙඩි 1
- මාළු මිරිස් 2
- තක්කාලි ගෙඩි 2
- දෙහි ගෙඩියක යුෂ
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පළමුව එළුමස්, මිරිස් කුඩු, තුනපහ, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 , පොල්තෙල් තේ හැඳි 1/2 දමා හොඳින් කලවම් කර විනාඩි 20 ක් සීසන් වීමට තබා ගැඹුරු තෙලේ බැදගන්න.දෙවනුව බෝල් එකක් ගෙන එයට බැදපු මස් එකතු කර බැදගත් මස් ටික දමාගන්න. ලූනු, මාළු මිරිස්, තක්කාලි කැබලි කපා එකතු කර කලවම් කරගන්න. අවසානයේ ගම්මිරිස්, මිරිස් කෑලි සමග රස අනුව ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න. පිළිගැන්වීමට පෙර දෙහි යුෂ එකතු කරගන්න.