අවශ්‍ය ද්‍රව්‍ය
- හරක් මස් ග්‍රෑම් 500
- ලුනූ ගෙඩි 2
- සුදු ලූනු බික් 5
- ඉඟුරු කැබැල්ලක්
- අමුමිරිස් කරල් 5
- කරපිංචා
- සූදුරු තේ හැඳි 1/4
- මාදුරු තේ හැඳි 1/4
- කරදමුංගු තේ හැඳි 1/4
- කරාබු නැටි තේ හැඳි 1/4
- අබ ඇට තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- තුනපහ තේ හැඳි 1
- බැදපු තුනපහ තේ හැඳි 1
- රස අනුව ලුණු
- පොල්තෙල් මේස හැඳි 4
- වියළි මිරිස් කරල් කිහිපයක්
- වතුර කෝප්ප 1
මසාලා එක සඳහා
සුදුරු, මාදුරු, කරදමුංගු, කරාබුනැටි, කොත්තමල්ලි ඇට, ගම්මිරිස් ඇට, කුරුඳු සහ වියළි මිරිස් කබලේ බැදගෙන බ්ලෙන්ඩ් කරගන්න.
සාදාගන්නා ආකාරය
හරස් මස් සෝදා කුඩා කැබලිවලට කපාගන්න එයට මිරිස් කුඩු, ලුණු, තුනපහ, බැදපු තුනපහ සහ ගම්මිරිස් කුඩු දමා කලවම් කර පසෙකින් තබන්න. භාජනයක් ළිප තබා එයට පොල්තෙල් දමා රත් වූ පසු අබ, සුදුරු, මාදුරු, කරදමුංගු, කරාබුනැටි එකතු කර කලවම් කරගෙන එයටම කරපිංචා ඉඟුරු, සුදුලූනු සහ ලූනු එකතු කර විනාඩි 2 ක් තෙම්පරාදු කරගන්න.
හරක් මස් සහ මසාලා මිශ්‍රණයෙන් තේ හැඳි 1 ක් දමා එයට අමුමිරිස් සහ වතුර එකතුකර පියන වසා වතුර හිඳෙනතුරු විනාඩි 20 ක් පමණ පිසගන්න. වතුර හිඳුණු පසු කලවම් කර හරක් මස් පෑන් එකේම විනාඩි 10 ක් පමණ ෆ්‍රයි වෙන්න හරින්න.