අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බාස්මතී කෝප්ප 3
- අඹරාගත් සුදුලූනූ ගෙඩි 1
- සිහින්ව කපාගත් බී ලූනු ගෙඩි 1
- බටර් ග්‍රෑම් 50
- ලොකු බිත්තර 2
- සෝයා සෝස් තේ හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ පෑන් එකකට බිත්තර සහ ලුණු එකතුකර ස්ක්‍රැම්බල් කර භාජනයකට දමා ගන්න. වෙනත් භාජනයක් ළිප තබා රත්වන විට බටර් එකතුකර පසුව සුදුලූනු පේස්ට් එකතුකර ලා දුඹුරුපාට වෙනතෙක් බැදගෙන බී ලූනු එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව පිසගත් බත්, ස්ක්‍රැම්බල් කරගත් බිත්තර, සෝයා සෝස් දමා වැඩි ගින්දරේ විනාඩි දෙක තුනක් පිස රස අනුව ලුණු එකතුකර පිළිගන්වන්න.