අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් කෝප්ප 4
- කැරට් අල 1
- ලීක්ස් ගස් 2
- ගෝවා ග්‍රෑම් 100
- ලොකු ලූනු ගෙඩි 1
- ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1
- ගම්මිරිස්කුඩු තේ හැඳි 2
- බටර් ග්‍රෑම් 50
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කැරට්, ලීක්ස්, ලූනු, ගෝවා සිහින්ව කපාගන්න. පෑන් එකක් ළිපේ තබා එයට බටර් එකතුකරගන්න. බටර් රත්වන විට ඉඟුරු සුදුලූනු පේස්ට් සහ කපාගත් ලූනු එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. එයට ගම්මිරිස්කුඩු එකතුකර හොඳින් කලවම් කර කපාගත් ගෝවා, කැරට්, ලීක්ස් එකතුකර විනාඩියක් පමණ හොඳින් තෙම්පරාදු කර නූඩ්ල්ස් එකතුකර මිශ්‍ර කර උණුවෙන්ම පිළිගන්වන්න.