අවශ්‍ය ද්‍රව්‍ය
- කජු ග්‍රෑම් 250
- ලොකු ලූනු ගෙඩි 2
- සුදුලූනු ගෙඩි 1
- අමුමිරිස් කරල් 10
- රම්පෙ, කරපිංචා
- කහ කුඩු තේ හැඳි 1/4
- කෑලිමිරිස් මේස හැඳි 2
- සුදූරු තේ හැඳි 1
- පොල්තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කජු රැයක් පෙඟෙන්න තියා වතුර බේරෙන්න හරින්න. අමුමිරිස් වෙන් නොවන ලෙස කපා ලූනූ, සුදුලූනු සිහින්ව කපාගන්න. පෑන් එකක් ළිප තබා එයට තෙල් මේස හැඳි පහක් එකතුකරගන්න. තෙල් රත්වන විට එයට සූදුරු සහ කජු එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
කජු බැදීගෙන එනවිට එයට කපාගත් ලූනු, සුදුලූනු, අමුමිරිස්, රම්පෙ සහ කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. කහකුඩු, කෑලිමිරිස්, රස අනුව ලුණු එකතුකර විනාඩි 10 ක් පමණ කලවම් කර උණුවෙන්ම පිළිගන්වන්න.