අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් අන්නාසි ගෙඩි 1
- තෙල් මේස හැඳි 2
- සීනි කෝප්ප 1
- විනාකිරි කෝප්ප 1/4
- අබ තේ හැඳි 1/2
- කරපිංචා ඉති 2
- වියලි මිරිස් කරල් 4-5
- එනසාල් 5
- කුරුඳු කැබැල්ලක්
- කෑලි මිරිස් මේස හැඳි 2
- වතුර කෝප්ප 3/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත් වු පසු එයට අබ, එනසාල්, කුරුඳු, කරපිංචා, වියලි මිරිස් කරල් සහ කෑලි මිරිස් දමා තෙම්පරාදු කරගන්න. එයටම වතුර, විනාකිරි සහ සීනි දමා උතුරන විට එයට කොටු හැඩයට කපාගත් අන්නාසි කැබලි එකතුකර හොඳින් කලවම් කර පිසගන්න.