අවශ්‍ය ද්‍රව්‍ය
- ගර්කින් ගෙඩි 1
- කොළ පාට බෙල් පෙපර් 1
- කොළ පාට ඇපල් ගෙඩි 1
- අයිස්බර්ග් ස්වල්පයක්
- මාළු මිරිස් කරල් 2
සැලඩ් ඩ්‍රසින් එක සඳහා
- ඇපල් සයිඩර් මේස හැඳි 3
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- මී පැණි මේස හැඳි 1
- දියකරගත් බටර් මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ගර්කින්, කොළ ඇපල්, බෙල්පෙපර්, මාළුමිරිස් කොටු හැඩයට කපාගන්න. අයිස්බර්ග් කුඩා කැබලිවලට කඩා වීදුරු බෝල් එකක් ගෙන එයට ඇපල් සයිඩර්, මී පැණි, දියකරගත් බටර්, ගම්මිරිස්කුඩු සහ රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කරගන්න. සාදාගත් සැලඩ් ඩ්‍රසින් එකට කපාගත් එළවළු එකතුකර පිළිගන්වන්න.