අවශ්‍ය ද්‍රව්‍ය
- හරක්මස් ග්‍රෑම් 500
- ලූනු ගෙඩි 2
- අමුමිරිස් කරල් 4
- තක්කාලි ගෙඩි 2
- සුදුලූනු ගෙඩි 1
- අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- රම්පෙ, කරපිංචා
- එනසාල් ඇට 5
- කරාබුනැටි 5
- කුරුඳු කැබැල්ලක්
- සූදුරු තේ හැඳි 1
- උළුහාල් තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු මේස හැඳි 3
- ගම්මිරිස්කුඩු මේස හැඳි 2
- බැදපු තුනපහ මේස හැඳි 2
- මිටිකිරි අඬුකෝප්ප 1
- වතුර අඬුකෝප්ප 2
- පොල්තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හරක් මස් සෝදා වතුර බේරෙන්න හරින්න.ඉඟුරු, සුදුලූනු, ලූනු, අමුමිරිස්, තක්කාලි සිහින්ව කපාගන්න. භාජනයක් ළිප තබා එයට පොල්තෙල් මේස හැඳි තුනක් එකතුකර තෙල් රත් වූ පසු සූදූරු, කුරුඳු, එනසාල්, කරාබුනැටි, ලූනු, අමුමිරිස්, තක්කාලි, ඉඟුරු සුදුලුනු මිශ්‍රණය සහ රම්පෙ කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කර එම මිශ්‍රණය මද වෙලාවක් නිවෙන්නට තබා ක්‍රීම් එකක් වනතුරු හොඳින් ග්‍රයින්ඩ් කරගන්න.
වෙනත් භාජනයක් ළිප තබා පොල්තෙල් මේස හැඳි දෙකක් එකතුකර තෙල් රත් වූ පසු උළුහාල් එකතුකර බැද ග්‍රයින්ඩ් කරගත් මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරගන්න. එයට කහකුඩු, මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, බැදපුතුනපහ එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව මස් එකතුකර හොඳින් කලවම් කර වතුර කෝප්ප දෙකක් සහ ලුණු එකතුකර පියනකින් වසා මද ගින්දරේ පිසගන්න. වතුර ගතිය අඩු වීගෙන එනවිට මිටිකිරි එකතුකර හොඳින් කලවම් කර ළිපෙන් බා කොත්තමල්ලිකොළ එකතුකර පිළිගන්වන්න.
Pretty! This has been a really wonderful post. Many thanks for providing these details.