අවශ්‍ය ද්‍රව්‍ය
- අල ග්‍රෑම් 100
- කැරට් ග්‍රෑම් 100
- බෝංචි ග්‍රෑම් 100
- ගෝවා මල් ග්‍රෑම් 100
- කජු ග්‍රෑම් 100
- ලොකු ලූනු ගෙඩි 1
- සුදුලූනු බික් 2
- අමුමිරිස් කරල් 2
- කරපිංචා
- කහකුඩු තේ හැඳි 1/4
- උළුහාල් තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1/2
- අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
- වතුර කෝප්ප 1
- නැවුම් එළකිරි කෝප්ප 2
- බටර් මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
දික් අතට අල, කැරට්, බෝංචි කපාගන්න. ගෝවා මල් කුඩා කැබලිවලට කඩාගන්න. ලූනු, සුදුලූනු, අමුමිරිස් සිහින්ව කපාගන්න. පෑන් එකක් ළිප තබා එයට බටර් එකතුකර කපාගත් ලූනූ, සුදුලූනු, අමුමිරිස් එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව උළුහාල්, සූදුරු, කුරුඳු, කහකුඩු, කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කර එයට කපාගත් එළවළු, කජු එකතුකර විනාඩි පහක් පමණ පිසගෙන වතුර එකතුකර පියනකින් වසා විනාඩි පහක් පමණ පිසගන්න. වතුර හිඳිගෙන එනවිට එයට නැවුම් එළකිරි එකතුකර හොඳින් හැඳිගාමින් උකු මිශ්‍රණයක් වනවිට රස අනුව ලුණු එකතුකර ළිපෙන් ඉවත් කර උණුවෙන්ම පිළිගන්නවන්න.