අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ඉස්සන් ග්‍රෑම් 500
- කෑලි මිරිස් ග්‍රෑම් 100
- කොච්චි කරල් 5
- කරපිංචා
- සීනි මේස හැඳි 2
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
ඉස්සන් සුද්ද කර එයට කහකුඩු, ගම්මිරිස්කුඩු, ලුණු, දෙහි එකතුකර පැයක් පමණ සීසන් වෙන්න තබා ගැඹුරු තෙලේ බැදගන්න. පෑන් එකක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් එකතුකර තෙල් රත්වන විට එයට සීනි එකතුකරගන්න. සීනි තෙල් සමග හොඳින් දිය වී කලවම් වූ පසු එයට කපාගත් කොච්චි, කරපිංචා එකතුකර බැදගන්න. ඉන්පසු එයට කෑලි මිරිස් සහ බැදගත් ඉස්සෝ සහ රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම්කරන්න.