අවශ්‍ය ද්‍රව්‍ය
- රතු කැකුළු හෝ සුදු කැකුළු හාල් ග්‍රෑම් 750
- කුරක්කන් පිටි ග්‍රෑම් 250
- පොල් ගෙඩි 1 1/2 කිරි
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පළමුව සහල් සෝදා ගරා සාමාන්‍ය ආකාරයට වතුර දමා බත පිසගන්න. පොල් ගෙඩි කිරිවලට කුරක්කන් පිටි සහ රස අනුව ලුණු එකතු කර බතට එකතුකර හොඳින් හැඳිගාමින් කිරිබත සාදාගෙන කෙසෙල් කොළයට දමා නිවුන පසු කෑලි කපා මේසයට යවන්න.