අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුළු හාල් කිලෝ 1
- තල ඇට ග්‍රෑම් 250
- මුං ඇට ග්‍රෑම් 250
- රුලං ග්‍රෑම් 250
- වියළි මිදි ග්‍රෑම් 250
- රටඉඳි ග්‍රෑම් 200
- කජු මද ග්‍රෑම් 250
- කිතුල් හකුරු ග්‍රෑම් 500
- පොල් පැණි අඬුකෝප්ප 1
- සීනි ග්‍රෑම් 250
- කරදමුංගු කරල් ස්වල්පයක්
- පොල් ගෙඩි දෙකක මිටි කිරි කෝප්ප 2
- දිය කිරි කෝප්ප 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුං ඇට රැයක් පෙගෙන්නට තබා ගරා සෝදා ගත් හාල් සමඟ එකතුකර අවශ්‍ය පමණට වතුර දමා ළිපේ තබන්න. මුං ඇට තැම්බුනු පසුව එයට තල ඇට එකතු කර පසුව සීනි හා හකුරු ග්‍රේට් කර මිටි කිරිවලට කලවම් කරගන්න. එයටම දිය කිරි කෝප්ප දෙක කලවම් කර ලුණු අවශ්‍ය තරමට එකතු කරගෙන කරදමුංගු තලා එම මිශ්‍රණයට රුලං, මිදි, කජු කැබලිද බතට එකතු කරන්න. රටඉඳි කුඩාවට කපා පසුව පොල් පැණි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර කලවම් කරමින් මද ගින්නේ තබා ඉවත් කර කෑලි කපා ගන්න.