අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් කිලෝ 1
- පොල් ගෙඩියක කිරි
- නිල් කටරොළු මල් 20
- බත පිස ගැනීමට වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හොඳින් නටවාගත් උණු වතුරට කටරොළු මල් දමා එහි පැහැය වතුරට එකතූ වූ පසු මල් ටික ඉවත් කර ගන්න. සහල් සෝදා බත පිසින ගානට නිල්මල් වතුර දමා බත පිසගන්න. ඉන්පසු පොල් කිරිවලට රස අනුව ලුණු දමා බතට එකතු කර හැඳිගාමින් කිරිබත පිස කෙසෙල් කොළයකට හෝ තැටියකට දමා නිවුනු පසු කෑලි කපා මේසෙට යවන්න.