අවශ්‍ය ද්‍රව්‍ය
- කජු ග්‍රෑම් 250
- මුරුංගා කොළ
- ලූනු ගෙඩි 2
- කරපිංචා
- මිරිස් කුඩු තේ හැඳි 1
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
කජු සහ ලූනු රන්වන් පාට වෙනතුරු බැද මුරුංගා කොළ සහ කරපිංචා තත්පර 10 ක් පමණ බැද ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැන්දක් එකතු කර කෑලි මිරිස්, මිරිස් කුඩු සහ ලුණු එකතුකර හොඳින් කලවම් කරන්න.
අවසානයට බැදගත් කජු, මුරුංගා කොළ, කරපිංචා සහ ලූනු එකතු කර කලවම් කර ළිපෙන් ඉවතට ගෙන එය පිරිසිදු වීදුරු බෝතලයකට දමන්න.