අපේ රටේ දවසින් දවස නව නිපැයුම් බිහි කරන දරුවො ගොඩක් ඉන්නවා. නමුත් ඒ ළමයින් සමාජගත වෙලා ඔවුන්ට අවධානයක් ලැබෙන්නෙ කලාතුරකින්. පහුගිය දවසක අවසන් වුණ පුංචි දක්ෂයින් හොයන රියැලිටි තරගාවලියක හොඳම Innovation එකට හිමි සම්මානයේ ජයග්‍රාහකයා වුණ අපූරු පොඩි වැඩ්ඩෙක් අපිට හම්බුණා. ඔහු නමින් ගිම්හාන්…
ගිම්හාන් හඳුන්වලාම කතාව පටන් ගමු…
මගේ සම්පූර්ණ නම ගිම්හාන් ආදිත්‍ය. දැනට මම කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ එකළොස්වන ශ්‍රේණියේ ඉගෙනගන්නවා. මගේ පවුලෙ අම්මයි තාත්තයි මමයි නංගියි ඉන්නෙ. මගේ අම්මයි තාත්තයි දෙන්නම දෘශ්‍යාබාධිතයි.
ගිම්හාන්ට මේ වගේ දෙයක් කරන්න අදහසක් ආවේ අම්මයි තාත්තයි නිසාද?
ඇත්තෙන්ම ඔව්. මට මේ අදහස එන්නෙ මගේ අම්මයි තාත්තයි නිසා. ඒ දෙන්නම දෘශ්‍යාබාධිත නිසා එයාලට ඇතිවෙන ගැටලු මම හොඳින්ම දැක්කා. මම කල්පනා කළා අම්මයි තාත්තයි වගේ තව දෘශ්‍යාබාධිත අය කීදෙනක් ඉන්නවාද කියලා විවිධ පීඩාවලට මුහුණ දෙන. මට ඕන වුණේ ඒ හැමෝටම උදව්වක් වෙන විදිහේ දෙයක් කරන්න.තියෙන සුදු සැරයටිය පාවිච්චි කරල අලුත් යමක් කරන්නයි මට ඕන වුණේ. මම ඒ අදහස හිතේ කොණක තියාගෙන හිටියා.
එතකොට හිතේ තිබුණ අදහස ක්‍රියාත්මක කළේ කොහොමද?
ඔය අතරෙදී තමයි අපේ ඉස්කෝලේ ICT සර් මට කිව්වේ සමස්ත ලංකා නව නිපැයුම් තරගයට යන්න කියල. ඒ 2022 දී. මගේ හිතේ තිබුණ අදහස ක්‍රියාත්මක කරන්න ඒ තරගය මම අවස්ථාවක් කරගත්තා. හැබැයි ඒ වෙනකොට මට මේ පිළිබඳව ලොකු දැනුමක් තිබුණෙ නැහැ. ඊටපස්සෙ Youtube,Google වගේ ක්‍රමවලින් වගේම ඉස්කෝලෙ අයියලගෙනුයි ගුරුවරුන්ගෙනුයි උදව් අරගෙන මම වැඩ කරන්න පටන් ගත්තා.
එයාලගෙන් මට ලොකු උදව්වක් ලැබුණා. දවස් ගණන් රැයක් දාවලක් බලන්නෙ නැතුව මම ඒ වැඩේට කැපවුණා. කොහොම හරි මගේ මහන්සියෙ ප්‍රතිඵලයක් විදියට පළාත් තරඟයෙන් පළවෙනි ස්ථානය දිනා ගත්තා.
පළාත් තරගයෙන් පස්සෙ මොකද වුණේ?
පළාත් තරගයෙන් මම නවතින්නෙ නැතුව Smart White Cane එක තවත් වැඩි දියුණු කරලා සමස්ත ලංකා තරගයට ඉදිරිපත් වෙන්න තීරණය කළා. කොහොම හරි සමස්ත ලංකා තරගෙදි මට ලංකාවෙ හොඳම දහදෙනා අතරට එන්න පුළුවන් වුණා. ඒ තරගයෙන් තමා මම smart white Cane Project එක පටන් ගත්තෙ. මම එදා ඉඳන් දිගටම මේක ගැන පරීක්ෂණ කළා.
සාමාන්‍ය සුදු සැරයටියකයි ඔබේ නිර්මාණයයි අතර තිබෙන වෙනස මොකක්ද?
මම මුලින්ම කල්පනා කරලා බැලුවේ සුදු සැරයටියකට අලුතින් එකතුවෙන්න ඕනෙ මොනවද කියලා. ඉදිරියට තියෙන බාධක හදුනාගෙන ඒ පිළිබඳව සංඥාවක් ලබාදෙන විදිහට Alarm එකක් මම මුලින්ම එකතු කළා. ඊටපස්සෙ පාරේ යන කොට මේ Alarm එක ඇහෙන්නෙ නැති වෙන නිසා මම Vibrate එකක් අතට දැනෙන විදිහට මේක තවත් අප්ඩේට් කළා.
ඔහොම පරීක්ෂණ කරගෙන යද්දි මට හිතුණා මේකට GPS එකක් එකතු කරලා අවශ්‍ය කෙනෙකුට සැරයටියේ අයිතිකාරයා ඉන්න තැන බලාගන්න පුළුවන් වෙන්න හදන්න ඕන කියලා.ඒ වගේම පළාත් තරගයෙදී මම තීරණය කළා අත්‍යවශ්‍ය අංකයකට පහසුවෙන් දුරකථනය ඇමතුම් ගන්න පුළුවන් විදිහට මේක වෙනස් කරන්න. කොහොම හරි මගේ නිර්මාණය මේ තත්ත්වයට එනකම් හදන්න මට අවුරුදු එකහාමාරක් වගේ ගත වුණා.
ඔය අතරතුරේදී මොනවාගේ ගැටලුද ගිහාන්ට ඇති වුණේ?
හදාගෙන යන අතර වාරයේ අවශ්‍ය කරන බෝඩ් ගොඩක් මගේ අතින් පිච්චුණා. අතපසුවීම් වැරදි ගොඩක් වුණා. ඒ හැමදේටම හේතු මම විසින්ම හොයලා මගේ මහන්සියෙන්ම මම ඒවා නිවැරදි කළා.
ළඟදී සහභාගී වුණ තරගය ගැන කිව්වොත්…
Elephant House Super Heros ගැන දැනගන්න ලැබුණේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් හරහා. ඒ ටීචර් නිසා තමයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ. ඒ වෙනකොට මම Smart white Cane එකක් සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. එතනින් ලැබුණු උපදෙස් සහ මගේ අදහස් එක්ක මම තවත් මේ සැරයටියේ ප්‍රමාණය කුඩා කරල තවත් කොම්ෆටබල් විදියට හැදුවා. එහෙම හදපු Smart white Cane එකෙන් මම Final
Round එකට එනකන් ආවා. එකේදි හොඳම Innovation එකට හිමි සම්මානය මට ලැබුණා.
තරගයෙන් පස්සෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?
තරගයෙන් පස්සෙ ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. අම්මයි තාත්තයි ගොඩක් සතුටින් ඉන්නෙ ඒ ගැන. මේ වෙනකල් මට ඉස්සරහට එන්න උදව් කරපු අම්මට තාත්තට, ඉස්කෝලෙ ICT උගන්වන නුවන් සර්, කෞශල්‍යා නීලවතුර ටීචර්ලා ප්‍රින්සිපල්ලා ඉස්කෝලෙ අනිත් ගුරුවරු වගේමත් උදව් කරපු හැමෝටමත් මම මේ වෙලාවේ ස්තුති කරනවා.
ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවාද?
මේ වෙනකොට මම Welfare Company එකකුත් පටන් අරන් තියෙන්නේ ATN Lanka නමින්. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රයන් ලබාගෙන දෘශ්‍යාබාධිත අය මුල් කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය මේ Smart white Cane හදලා සහනදායි මිලක් යටතේ මේක ලබාදෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නෙ. ඒ වගේම මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රවණාබාධිත අයටත් උපකරණයක් හදන්න.
අර්චිත ඉඳුවර ✍️
Matchless topic, it is pleasant to me))))