ඇය චාතූර්යා විචක්ෂණා විජේන්ද්‍ර. රුවින් වගේම සහජයෙන්ම දක්ෂතාවන් කරපින්නගෙන ආපු ඇය මේ වෙද්දි වෛද්‍ය ශිෂ්‍යාවකුත් වෙනවා. ඇය ඉතාම දක්ෂ භරත නාට්‍ය ශිල්පිණියක්. නමුත් ඇගේ දක්ෂතා එතෙකින් නිමාවෙන්නෙ නෑ.
ඇය ගැන හැඳින්වීමක්
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ 3 වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මගේ පදිංචිය බොරලැස්ගමුව. සාමාන්‍ය පෙළ වෙනකල් නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් සහ සාමාන්‍ය පෙළින් පස්සෙ උසස් පෙළ වෙනකල් මියුසියස් විද්‍යාලයෙනුත් ඉගෙනගත්තා.
නර්ථනයට පුංචි කාලෙ ඉඳන් කැමතියි
මම පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියෙ නර්තන ශිල්පිනියක් වෙන්න. මුලින්ම මම ඉගෙනගත්තෙ උඩරට නර්තනය. බොහෝ ප්‍රසිද්ධ වේදිකාවල මම මගේ දක්ෂතා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම විවිධ තරගවලින් ජයග්‍රහණ ලබාගෙනත් තියෙනවා. වෛද්‍ය පීඨයේ සංවිධානය කරපු ප්‍රසංග රැසකත් මං දක්ෂතා ප්‍රදර්ශනය කරලා තියෙනවා.

භරත නාට්‍ය ප්‍රවිෂ්ඨය
මම 2009 දි තමයි භරත නාට්‍යය හදාරන්න පටන්ගත්තේ. මගේ ගුරුවරිය වුණේ ලලිත කලා විහාරයේ කලාක්ෂේත්ර ශ්‍රීමත් ලක්ෂ්මි ශ්‍රීහරන්. 2017 ඉඳලා මගේ දක්ෂතා කැපී පෙනෙන මට්ටමකට වර්ධනය කරගන්න ඉවහල් වුණේ කලාසූරි ආචාර්ය අරුන්තතී ශ්‍රී රංගනාදන් ගුරු මාතාව. ඇය විසින් අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකාවේ ආරු ශ්‍රී කලා රඟහලේ ලාබාලතම ක්‍රියාකාරී ප්‍රසංග ශිල්පිනිය වුණේ මම.
නර්ථනයට වගේම ගායනයටත් දක්ෂයි.
ශ්‍රී ලංකා සංගීත, නැටුම් සහ කථන උළෙලේ හොඳම සහ වඩාත් ප්‍රකාශිත ඒක පුද්ගල ගායිකාව සඳහා වන විශේෂ සම්මානය අඛණ්ඩව වසර තුනක් (2009 – 2010 -2011) දිනාගත්තා. දෙරණ ලිට්ස් ස්ටාර් Season 2 එකේදි තරගකරුවන් 26,000ක් අතරින් අවසන් තරඟකරුවන් 5 අතරටත් එන්න පුළුවන් වුණා.
මේ වෙද්දි…
දැනට ලන්ඩන් ට්‍රිනිටි කොලේජ් එකේ ස්පීච්, ඩ්‍රාමා ඇන්ඩ් පෆෝමන්ස් ඩිප්ලෝමා එකක් හදාරන ගමන් ඉන්නෙ.
එරංදි කෞශල්‍යා ✍️