පැස්ටා ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන සුවිශේෂී වාසි බොහොමයක් තිබෙනවා
මානසික සැහැල්ලුව
පැස්ටාවල අන්තර්ගත Tryptophan සහ විටමින් නිසා ඔබේ සිරුර වගේම මනසත් සැහැල්ලු වෙනවා. රාත්‍රියේ සැපවත් නින්දක් ලැබෙන අතරම ඔබේ සිරුරේ බර වැඩිවීම නොදැනීම පාලනය වෙනවා.
මල බද්ධයට
අද බොහෝ දෙනෙක් මලබද්ධය, බඩ පිපුම වැනි ආහාර ජීර්ණ මාර්ගය ආශ්‍රිතව ඇති වන අපහසුතාවයන්ගෙන් පීඩා විඳිනවා.
ශක්තිය මුදා හැරීම
පැස්ටා සංකීර්ණ කාබොහයිඩ්ඩ්‍රේට සහිත ආහාරයක්. ඒ වගේම සරල සීනි සහිතයි. ග්ලුකෝස් අන්තර්ගතයි. ඒ නිසාම මොළයට සහ මාංශ පේශිවලට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. නමුත් ශක්තිය මුදා හැරීම ඉතා සෙමෙන් සිදුවන නිසා පැස්ටා ආහාරයට ගැනීමෙන් ඔබට ශක්තිය ලැබුණත් එය අහිතකර අන්දමින් මේද ගබඩා කිරීමක් සිදු කරන්නෙත් නැහැ.
හදවතට
පූර්ණ ධාන්‍ය සහිත පැස්ටා ග්‍රෑම් 80 ක් දිනකට ආහාරයට ගතහොත් හදවත් රෝග ඇති වීමේ අවදානම 21% කින් අඩු වෙන බවත් වාර්තා වෙනවා.ඔබේ පහසුව වෙනුවෙන් ආහාර වේලට පැස්ටා එකතු කර ගැනීමත් සමග ලැබෙන අමතර වාසි බොහොමයක් තිබෙන බවත් අමතක කළ යුතු නැහැ.
( foodnetwork.com ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️