1989 වසරේ උපත ලද ෆ්‍රෙඩි ඔහුගේ සැබෑ මව විසින් කුණු කාණුවකට විසි කර තිබුණේ හදා වඩා ගැනීමට අපහසු නිසාද නොඑසේනම් තමාට අනවශ්‍ය දරුවෙකු නිසා දැයි තවමත් නොදනී. කෙසේ හෝ කුණු කාණුවේ විසි කර දමා තිබුණ මේ දරුවා හමුවුණේ නඩත්තු කටයුතුවල යෙදෙමින් සිටි නේතන් ෆිගර්ස්ටයි. ඔහුගේ බිරිඳ බෙටී ගොවිපළක කම්කරුවෙකු ලෙස සේවය කළ කාන්තාවක්. ඒ වන විටත් පනස් හැවිරිදි වියේ සිටි ඔවුන් කාණුවේ සිටි ෆ්‍රෙඩ් ළමා නිවාසයකට බාර නොදී දරුකමට සාදා ගැනීමට තීරණය කළා. පාසල් යන විට ෆ්‍රෙඩිට බොහෝ දෙනා සමච්චල් කළේ “කුණු කාණුවේ කොලුවා” ලෙසින්. ඇතැම් අවස්ථාවලදී සෙසු දරුවන් විසින් ෆ්‍රෙඩි ඔසවා කුණු බක්කියට විසි කළ අවස්ථා තිබුණා. මේ නිසා ඔහුගේ පියා පාසල ඇරෙන විට ෆ්‍රෙඩි කැටුව යෑමට පැමිණෙන අතර එවිටත් දරුවන්ගේ උසුළු විසුළු නැවතුනේ නැහැ.
කුණු කාණුවේ කොලුවා කුණු බක්කි සොයා
ෆ්‍රෙඩිගේ පියා සති අන්තයේදී නගරයේ කුණු බක්කි සොයා ඇවිද ගියේ ඔහුගේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය යම් යම් උපාංගයන් සොයා ගැනීමටයි. පියා සමග ෆ්රෙඩිද මේ සඳහා සම්බන්ධ විය. එක් දිනක් ෆ්‍රෙඩ්ට අලෙවිසැළක තිබී පාවිච්චි කොට ඉවත දමන ලද මැකින්ටොස් පරිගණකයක් හමු විය. මේ ගැන අදහස් දක්වන ෆ්‍රෙඩ් කියන්නේ “කෙනෙකුගේ කසළ තව කෙනෙකුට නිධානයක් කියලා.” (One man’s trash is another man’s treasure ) මම පරිගණකයක් ගැන සිහින මැව්වා අපිට ඒ තරම් වියදම් කරන්නත් බැහැ. ඒ වන විට මගේ වයස අවුරුදු 9 යි. තාත්තා මට ඒක ඩොලර් 24 කට අරගෙන දුන්නා.
ගෙදර ඇවිත් බලනකොට පරිගණකය වැඩ කරන්නේ නැහැ. තාත්තා ගුවන්විදුලි යන්ත්‍ර, ඔරලෝසු, විඩියෝ කැසට් රෙපයාර් කරනවා. මාත් නිතරම ඒ අසලින් සිටිනවා. පරිගණකය පරීක්ෂා කරද්දි මට තේරුමි ගියා එහි “කැපසිටර්” එකක් කැඩිලා. මම රේඩියෝ එකක කෑලි ගලවලා කොම්පියුටර් සර්කිට් එකට පෑස්සුවා. පරිගණකය වැඩ කළා. මෙච්චර කාලයක් කුණු කාණුවේ කොල්ලා කියල සමච්චලය නිසා හිතේ තිබුණ වේදනාව එදා නැති වුණා. මට අලුත් පණක් ආවා.
නගරාධිපතිනියටත් ආරංචි වෙලා
පාසල් යන පුංචි දරුවෙක් පරිගණක අලුත්වැඩියා කරන පුවත ඒ පළාතේ නගරාධිපතිනියට ආරංචි වුණා. ඇය ෆ්‍රෙඩ්ට නගර සභාවට එන ලෙස පණිවිඩයක් යැව්වා. නගරශාලාවේ ගොඩ ගසා තිබුණ පරිගණක සියයක් පමණ පෙන්වා. ඔයාට මේවා හදන්න පුළුවන්ද? නගරාධිපතිනිය ෆ්‍රෙඩ්ගෙන් විමසා සිටියා. මම ඔයාට ඒ වෙනුවෙන් පැයකට ඩොලර් 12 ක් ගෙවන්නම් කියා නගරාධිපතිනිය පැවසුවා.
මුදල නොව අත්දැකීම් වැදගත් කර ගනී
මෙහිදී ෆ්‍රෙඩ්ට වැදගත් වුණේ මුදල නොව අත්දැකීමයි. ඒවා ක්‍රමයෙන් අලුත්වැඩියා කරන අතරවාරයේ නගර සභාවට තවත් අවශ්‍යතාවයක් ඇති විය. පළාතේ නල ජලයේ පීඩනය මැනීම වෙනුවෙන් පරිගණක පද්ධතියක් අවශ්‍ය විය. ඒ වෙනුවෙන් වූ ඇස්තමේන්තුව ඩොලර් 600,000 කි. දැන් ෆ්‍රෙඩ්ට අලුත් අදහසක් ඇති විය. එක් දිනක් නගරසභාවේ කළමනාකරුවෙකු ෆ්‍රෙඩ්ගේ හැකියාව දැක “ෂා හොඳ කොම්පියුටරයක් නේ. කවදා හරි අපටත් උදව් වේවි. නගර සභාවට අවශ්‍ය අන්දමින් පරිගණක පද්ධතිය නිර්මාණය කළත් ඇස්තමේන්තුවේ සඳහන් ඩොලර් ලක්ෂ හය වෙනුවට ලැබුණේ සාමාන්‍ය වැටුප පමණි.
ෆ්‍රෙඩිට වෙනස් දෙයක් කරන්න අවශ්‍යයි
ෆ්‍රෙඩ්ගේ දෙමව්පියන්ගේ අපේක්ෂාව වූයේ අධ්‍යාපනය, රැකියාව සහ විශ්‍රාම ගැනීම යන සම්ප්‍රදායික ජීවන රටාවයි. මේ අතර ඔහුගේ පියා ඇල්සයිමර් රෝගියෙකු වන අතර ඔහු රාත්‍රී නින්දෙන් ඇවිදින්ට පටන් ගත් නිසා ෆ්‍රෙඩ් විසින් පියාගේ සපත්තුවට කුඩා පරිගණක පද්ධතියක් සවි කරන ලදී. GPS තාක්ෂණය ඔස්සේ පියා සිටින තැන ෆ්‍රෙඩ්ට පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවිය. 2014 වසරේ ජනවාරි මාසයේ ඔහුගේ පියා මිය ගියේය. මගේ පියා මා තනි කළේ නැත ඒ නිසා මියයන තෙක් මා ඔහු තනි කළේ නැත.
සුහුරු ග්ලුකෝමීටරය නිෂ්පාදනය වුණේ මේ විදිහටයි
වයස අවුරුදු 22 දී ෆ්‍රෙඩ් විසින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ගණනය කළ හැකි සුහුරු ග්ලුකෝමීටරයක් නිපදවන ලදී. එහි ප්‍රතිඵලය රෝගියාගේ සමීප ඥාතියෙකු වෙත ස්වයංක්‍රිය ලෙසින් ලැබෙන පරිදි ෆ්‍රෙඩ් මේ උපාංගය නිෂ්පාදනය කරන ලදී. ඒ අවධිය වන විට ෆ්‍රෙඩ්ගේ වයස අවුරුදු 9 කි. ඔහු ජෝර්ජියාවේ සිටින තම මාමා කෙනෙකුගේ නිවසකට දෙමව්පියන් සමග ගියහ. එම නිවසේ දොර විවෘත නොකරන විට ෆ්‍රෙඩ්ගේ පියා විසින් ජනේලයෙන් ගොස් දොර අරින ලෙස ෆ්‍රෙඩ්ට උපදෙස් දුන්නේය. ෆ්‍රෙඩ් දොර විවෘත කිරීමෙන් පසුව දෙමව්පියන් නිවසට ඇතුළු විය.ඒ වන විට දියවැඩියාවෙන් පෙලුන මාමා පුටුවේ මිය ගොස් සිටියේය.
අන්තර්ජාල පහසුකම් ලබා දීම
ෆ්‍රෙඩ් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිටිසරබද ප්‍රදේශ වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඔහු 2008 වසරේදී මේ ප්‍රදේශ වෙත නවීන සන්නිවේදන තාක්ෂණය සහිත ටෙලිකොම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන ලදී.
ජනගහනය 1000 කට අඩු ප්‍රදේශවලට දැවැන්ත සමාගම් විසින් ආයෝජනය නොකරන නිසා ඔහු ඒ වෙනුවෙන් අවශ්‍ය ඉදිකිරීම් සහ උපකරණ සඳහා විශාල මුදලක් වැය කරන ලදී. මේ සියල්ල සපුරා ගත්තද සාර්ථක සේවාවක් ලබා දීම පහසු වූයේ නැත. මුල් කාලය ඉතාම දුෂ්කර විය. පළමු දුරකථන කුලුන සිටුවීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් බදාම යෙදීම, ෆයිබර් ඔප්ටික් රැහැන් ඇදීම පවා ෆ්‍රෙඩ් විසින් සිදු කරන ලදී. ඔහු 394 වතාවක් උත්සාහ කරන ලදී. ඒ හැම අවස්ථාවක්ම අසාර්ථක වුණත් උත්සාහය අත්හැරියේ නැත.
ඔහුගේ නොපසුබස්නා උත්සාහය නිසා වයස අවුරුදු 21 ක් වන විට ෆ්‍රෙඩ් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ළාබාලම ටෙලිකොම් සමාගම් හිමිකරුවා බවට පත් විය. NBCපුවත් සේවය සඳහන් කරන අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ටෙලිකොම් සමාගම් ව්‍යවසායකයන් අතර එකම කළු ජාතික ව්‍යවසායකයා ඔහුය.
Figgers F1 ජංගම දුරකථනය හඳුන්වාදීම
2014 වසරේදී ෆ්‍රෙඩ් තවත් විප්ලවීය පියවරක් වෙනුවෙන් මුල පුරන ලදී. වාහනයක් පදවන අතරදී ජංගම දුරකථනය භාවිත කිරීමට ආරක්ෂිත පියවරක් වූ මෙම දුරකථනය 2019 වසරේදී තව දුරටත් සංවර්ධන කරන ලදී. 2019 වසරේදී මෙම නව මාදිලිය Figgers F3 යන නමින් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. මෙම ජංගම දුරකථනය බැටරිය ආරෝපණය වෙනුවෙන් චාජරයට සම්බන්ධ කළ යුතු නැත.
චාජරය පවතින ස්ථානයෙන් සැතැපුම් පහක දුරින් දුරකථනය තිබුණත් බැටරිය ආරෝපණය වේ.2015 වසරේදී ෆ්‍රෙඩ් විවාහ ගිවිස ගත්තේය. ඒ නැට්ලි නම් නිතිඥවරියක සමගය. දැන් ඔහු සුරතල් දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ෆ්‍රෙඩ් හදා වඩා ගත් මවට දැන් වයස අවුරුදු 81 කි. ඇය ඇල්මයිසර් රෝගයෙන් පෙළෙයි.
(B.B.C News ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️