ගෙදර ලස්සන කරන්න කැමති ඔබ විවිධ නිවාස සැලසුම් ක්‍රම අත්හදා බලන්න කැමති බව අපි දන්නවා. ඉතින් ගෙයක් සැලසුම් කිරීමේදී තීම් එකකට අනුව සැලසුම් කරොත් ඔබේ නිවහන හරිම ආකර්ෂණීය තැනක් කරගන්න ඔබට පුළුවන්. ඒ විදිහට නිවසක් සැලසුම් කරද්දී ජනප්‍රිය තීම් අතර ඉහළ තැනක් Farm House Concept එකට ලැබෙනවා.චාම් සහ පිළිවෙළක් සහිත ගෙයක් සැලසුම් කරන බොහෝ අය අතර තමයි Farm House Concept එක ගොඩක් ජනප්‍රිය. මේ ලිපියෙන් ෆාම් හවුස් එකක් විදිහට ගෙදර සැලසුම් කර ගන්නා ආකාරය ඔබට කියන්න අපි හිතුවා. මේ සංකල්පය මගින් ඔබට 18 සියවසට අයත් බටහිර නිවසක් වගේ ඔබේ නිවස සැලසුම් කරගන්න පුළුවන්.
ගෘහ භාණ්ඩ
යකඩ ඇඳක්
Farm House සංකල්පයට කැමති ඔබ මුලින්ම වෙනස් කරන්න ඕනෙ ගෙදර ඇඳ. මේ සදහා වඩාත් සුදුසු වන්නෙ යකඩ ඇඳක්. එය සුදු පැහැ තීන්ත ආලේප කර සුදු ඇතිරිලි සහ කොට්ට උර යොදා සකසාගත් යකඩ ඇඳක් නම් නිවසේ පෙනුව තවත් වැඩි කර පෙන්වීමට පුළුවන්. ඒ වගේම මේ සඳහා ලා වර්ණ වුණත් ඔබට භාවිත කළ හැකියි.
රෝද සහිත තල්ලු කරගෙන යන මේසයක්
මුළුතැන්ගෙයි බඩු තැන්පත් කරන්න ඔබට ලීයෙන් නිම කළ කුඩා රෝද සහිත තල්ලු කරගෙන යන මේසයක් යොදා ගන්න පුළුවන් නම් එයින් ඔබේ Farm House එකට පැරණි පෙනුමක් ලබා ගන්න පුළුවන්. මෙවැනි මේසයක් ඔබට වුණත් සාදගත හැකියි.
පැරණි පෙනුම සහිත ලී බඩු
Farm House එකක පෙනුම වැඩි කර පෙන්වීමව තමයි පැරණි ගෘග භාණ්ඩ අවශ්‍ය වන්නෙ. පැරණි පෙනුම සහිත පුටු, කොෆි ටේබල්, පැද්දෙන පුටුවක් ඔබේ නිවස ෆාම් හවුස් එකක් බවට හරවන්න ඉතා ඉක්මනින් සමත් වෙනවා.ලී බඩු සාප්පුවකින් හෝ ලී බඩු සකසන්නෙකුගෙන් පැරණි පෙනුම සහිත ලී බඩු ඔබට අවශ්‍ය අන්දමට සකසා ගන්න ඔබට පුළුවන්. මේවා සකසන අන්දම සහ ආලේප කරන තීන්ත අනුව පැරණි පෙනුම ඉස්මතු වෙනවා.
නිවසේ නිමාව
තීන්ත ආලේප කරද්දී සුදු හෝ Vintage පැහැය ඉස්මතු වන වර්ණ තෝරා ගන්න. ලීයෙන් කරන ලද සිවිලිමක් සහ පොළොවක් ෆාම් හවුස් තීම් එකට වඩාත් ගැළපෙනවා. රතු සහ සුදු මිශ්‍ර කොටු රෙදි, නිල් සහ සුදු මිශ්‍ර කොටු රෙදි දොර ජනෙල් රෙදි ලෙස යොදා ගන්න. නිවස හැකිතාක් වියළිව සහ පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
කුඩා මුළුතැන්ගෙයක්
ලීවලින් කරන ලද රෝලින් පින්, හැඳි සහ භාජන සහිතව මුළුතැන්ගෙය සකස් කර ගන්න. පැරණි පෙනුම සහිත උදුනක්ද හැකිනම් මුළුතැන්ගෙයට එකතුකරගන්න.ෆාම් හවුස් සංකල්පයට සකසන නිවෙස්වල විශාල මුළුතැන්ගෙවල් නැහැ. කුඩා පිරිසිදු පෙනුම සහිත ලා වර්ණ අලේප කරන ලද මුළුතැන්ගෙයක් සකසා ගන්න. මුළුතැන්ගෙයට කුඩා පෑන්ට්‍රි එකක් හෝ විශාල යකඩ සහ වීදුරු අල්මාරියක් පාවිච්චි එකතු කරන්න. ඒ වගේම සිවිලිම ලීවලින් සකසා ගන්න. එයින් පැරණි පෙනුම තව තවත් වැඩි කරගන්න ඔබට පුළුවන්.
ෆාම් හවුස් සංකල්පයට අනුව නිවස සැකසීමේදී සැලකිලිමත් විය යුතු දේවල්
හැකිතාක් වියළි සහ පිරිසිදු නිවසක් පවත්වා ගන්න.
ලීවලින් සැකසූ බඩු හැකිතාක් නිවසට තෝරා ගන්න.
සින්ක් සහ නාන බේසම් තෝරා ගනිද්දී සුදු පැහැයට මුල් තැන දෙන්න. නැතිනම් ලා වර්ණ තෝරාගන්න.
කුඩා පැළ ආදිය නිවෙස තුළ සහ මුළුතැන්ගෙයි තබන්න.
බිත්තියේ එල්ලන රූප ආදිය සත්ත්ව රූපවලින් තෝරා ගන්න. ඒවාට ලී රාමු යොදා ගන්න. එවිට පැරණි පෙනුම තවත් වැඩි කරගත හැකියි.
තීන්ත ආලේප කරද්දී Vintage බව ඉස්මතු කරන්න. පොළොව සහ සිවිලිම ලීයෙන් සකසා ගන්න.
කිසිම අවස්ථාවක දීප්තිමත් වර්ණ සහිත භාණ්ඩ පාවිච්චි කරන්න එපා.
විදුලි පහන් ආදිය එල්ලෙන ස්වභාවයක් සහිත ඒවායින් තෝරා ගන්න.
පැරණි සහ අලුත් භාණ්ඩ මිශ්‍ර කරමින් මුළුතැන්ගෙය, කාමර සහ සාලය සකසා ගන්න.
අර්චිත ඉඳුවර ✍️