කොවිඩ් වසංගත තත්ත්වය ගෝලීය වසංගතයක් සේ ව්‍යාප්ත වන යුගයකදී විද්‍යාඥයින් විසින් ඊට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය ගොඩනගා ගැනීමට විකල්ප විසඳුම් සෙවීමේ පර්යේෂණයන්හි නිරත වුණා. ආගන්තුක එන්නතක් ඉදිරියේ එවැනි සැක බිය ඇති කර ගැනීම සාමාන්‍ය මෙන්ම සමාජය තුළ සුලබ සංසිද්ධියක් වුණා.
පුද්ගලයන් එන්නත් ගැනීමෙන් වැළකුනේ ඇයි?
එන්නතක් පිළිබඳව අධ්‍යයනයන් දිගු කාලයක් පුරා සිදු වන ක්‍රියාවලියක්. මුලින්ම එහි පර්යේෂණ සිදු වෙනවා. එයින් පසුව මීයන් ආශ්‍රිතව විද්‍යාගාර පර්යේෂණද ඊට පසුව සායනික පර්යේෂණ සිදු වෙනවා. එයද අවස්ථා තුනකින් සිදු කිරීමෙන් පසුව අදාළ පර්යේෂණ පත්‍රිකාවන් අනුමැතිය වෙනුවෙන් ආහාර සහ ඖෂධ අධිකාරිය, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කරනවා.
එම නියාමන අධිකාරින් විසින් අදාළ පර්යේෂණ පත්‍රිකා පරීක්ෂාවෙන් පසුව හදිසි තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් සමාජය වෙනුවෙන් භාවිත කිරීමට අවසර ලැබෙනවා. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් හමුවේදී එවැනි දීර්ඝකාලීන අත්හදා බැලීම් සිදු කරන්න දිගු කාලයක් ලැබුණේ නැහැ.
ගෝලීය වසංගතයක් නිසා වසරක් වැනි ඉතාම කෙටි කාලයකින් එන්නත අත්හදා බැලීමට සිදු වුණා. එන්නතක අත්හදා බැලීම වෙනුවෙන් වසර හත අටක කාලයක් ගෙවුනත් කොවිඩ් වෙනුවෙන් එන්නත හඳුන්වා දීම වසර එකහමාරක් වැනි ඉතාම කෙටි කාලයකදී සිදු වුණා. හදිසි තත්ත්වය යටතේ මෙම අවස්ථාවන් අතහැර යෑමක් නොව අදාළ ක්‍රියාවලියේ අවස්ථාවන් අතර සමපාත කිරීම පමණක් සිදු වුණා. ඇතැම් පුද්ගලයන් රසායනාගාර මීයන් වීමට නොහැකි යැයි සඳහන් කරමින් කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටියා.
එන්නත් නිසා දැන් ගැටලු
නමුත් කොවිඩ් වෙනුවෙන් ලබා ගත් ප්‍රතිශක්ති එන්නත් නිසා හදවත් රෝග, ස්නායු ආශ්රිත ආබාධ සහ රුධිරය පිළිබඳව වූ යම් අසාමාන්‍ය රෝග ඇති වීමට සුළු අවස්ථාවක් තිබෙන බව ගෝලීය අධ්‍යයනයක් මගින් දැන් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝක ජනගහනයෙන් මිලියන 99 ක් කොවිඩ් වෙනුවෙන් වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තා.
මේ වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් කීපයක්ද හඳුන්වා දුන්නා.කොවිඩ් වෙනුවෙන් හඳුන්වා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් අතරින් Pfizer, Moderna සහ AstraZeneca එන්නත් නිසා පුද්ගලයන්ගේ ස්නායු ආශ්‍රිතව ඇති වන ආබාධ නිසා කල්පනාවේ සහ ඇවිදීමේ දුර්වලතාවයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා.
මොඩර්නා එන්නත නිසා මොළය ඉදිමීමේ රෝග තත්ත්වයන් ගැනත් යම් අවදානමක් තිබෙනවා. AstraZeneca මාත්‍රා මිලියන 23 ක් මේ වන විට ගෝලීය වශයෙන් ලබා ගෙන තිබෙනවා. ඒ අතර ගිලන්බාරේ සින්ඩෝරම් ස්නායු රෝගීන් 76 ක් වාර්තා වෙනවා. කෙසේ හෝ වේවා ස්නායු දුර්වලතා ඇති රෝගීන්ට මෙම එන්නත නිසා ඔවුන්ගේ දැනට පවතින රෝග තත්ත්වය වැඩි වීමට ඇති අවදානම 2.9 කින් ඉහළ බවත් පර්යේෂකයන් විසින් සඳහන් කර තිබෙනවා.
AstraZeneca පළමු මාත්‍රාවත් සමග වගේම මොළයේ මස්තිෂ්ක රුධිර කැටි ගැසීමේ රෝග තත්ත්වයට ගොදුරු වීම 3.2 ක වාරයකින් Pfizer එන්නත නිසා මේ රෝග අවදානම 1.49 වාරයකින් වැඩි වී තිබෙනවා. ඒ වගේම හදවත් ප්‍රදාහ රෝග වෙනුවෙන් තුන්ගුණයක අවදානමක් ඇති බැව් පෙනී ගියත් තවමත් මේ තත්ත්වයට සත්‍ය වශයන්ම හේතු වුණේ AstraZeneca එන්නතද බැව් ඔවුන් තහවුරු කර ගෙන නැහැ.
විශේෂයෙන් තරුණ ජනගහනය අතර හදවත් ප්‍රදාහ රෝග තත්ත්වයන් වැඩි වෙන ප්‍රවණතාවය ගැන ගෝලීය වශයෙන්ද කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. එන්නත් නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් Spike Proteinට එරෙහිව ප්‍රතිදේහ නිපදනවා ගැනීම සිදු වුණා. එය කොවිඩ් තත්ත්වයට ආරක්ෂාවක් වුණත් හෘදයවස්තුව ආශ්රිත ප්‍රදාහ තත්ත්වයන් ඇති වීමට පැහැදිලි හේතුවක් බවටත් අනතුරු නැතුවාම නොවේ.
නමුත් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 39 ක් ලබා දී ඇති අතර හදවත් ප්‍රදාහ නිසා වාර්තා වන මරණ සංඛ්‍යාව 28 ක් බැව් හඳුනාගෙන තිබෙනවා. එය සුළු වුණත් හදවත් ප්‍රදාහය තත්ත්වය වෙනුවෙන් මොඩර්නා එන්නතෙන් ලැබෙන අවදානම 1.7 සිට 2.6 ක් වැනි අගයක තිබෙනබවත් අමතක කළ යුතු නැහැ. ඒ වගේම මොළය ඉදිමීමේ රෝග තත්ත්වය Acute Disseminated Encephalomyelitis (ADEM) ඇති වීමට මොඩර්නා එන්නත වෙතින් ලැබුණ අවදානම 3.7 ක ගුණයක් බැව් හඳුනාගෙන තිබෙනවා.
මෙම එන්නතේ මුල් මාත්‍රාවෙන් මොළයේ සහ කශේරුකා ආශ්රිත ස්නායු තන්තුවලට හානි වීම මේ තත්ත්වය ඇති වීමට හේතු ලෙසින්ද පර්යේෂකයන් විසින් පෙන්වාදෙනවා. Pfizer එන්නත නිසා තාවකාලිකව මුහුණේ මාංශ පේශි දුර්වල වීමේ Bell’s palsy රෝගය වෙනුවෙන් වූ අවදානම ඉහළ බැව් සඳහන් වෙනවා. මෙම එන්නතේ මුල් මාත්‍රාව ලබා ගැනීමෙන් Bell’s palsy ඇති වීමට තිබුණ අවදානම 1.05 ක් බවත් වාර්තා වෙනවා. මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව සහ Pfizer එන්නතේ හතරවැනි මාත්‍රාව ලබා ගැනීම වලිප්පු රෝගය ගොදුරු වීමට 1.3 සිට 1.4 ක වැඩි වීමක් ඇති කරනවා.
එන්නත නොගත්තා නම්
කොවිඩ් නිසා ලෝකයේ සිදු වුණ මරණ සංඛ්‍යාව මිලියන 19 ක් වන අතඑ එයින් මිලියන 3ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් සිදු වුණ බැව් වාර්තා වෙනවා. එන්නත ලබා ගැනීමෙන් ඇති වුණ අතුරු සංකුලතාවයන් නිසා සිදු වුණ මරණ සංඛ්‍යාව 2000 ක් බවත් යේල් විශ්වවිද්‍යාලයේ අධ්යක්ෂ වෛද්‍ය Harlan Krumholz සඳහන් කරනවා. ගෝලීය වශයෙන් ලබා ගත් එන්නත් මාත්‍රාවට සාපේක්ෂව බලන විට මෙම අගය එතරම් ඉහළ මට්ටමක නොපවතින බවත් අධ්යක්ෂ කුමිහෝල්ස් විසින් සඳහන් කර තිබෙනවා. මෙම අධ්‍යන වාර්තාව journal Vaccine මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
( Mail on line ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️