වාස්තු විද්‍යාවට අනුව නිවසක් සැලසුම් කිරීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරිත්වයට ගැළපෙන ලෙසත් එම ගුණයන් බල ගැන්වෙන ලෙසත් නිවසක ගෘහ අංග පිහිටුවීම කළ යුතුය. එසේ කළ යුත්තේ නිවැසියන්ගේ දියුණුවට, නිරෝගීකමට, සාර්ථකත්වයට ස්වභාවදහමෙන් අමතර ශක්තියක් ලැබෙන බැවිනි. මෙහිදි පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ගුණයන් ප්රබලවම නිවසකට ලැබෙනුයේ අනු දිශාවන් වන ඊසාන, ගිනිකොණ, නිරිත හා වයඹ දිශාවන්ගෙන්ය. එනම් ඊසාන දිශාව ආපෝ ධාතුව හෙවත් ජලය වැගිරෙන ස්වභාවය නියෝජනය කරන අතර මෙම දිශාව සිසිලස ඇති දිශාවද වේ. තාපය වැඩි වන ගෘහ අංග මෙම දිශාවේ සැලසුම් කිරීම නුසුදුසුය.
නිරිත දිශාව පඨවි ධාතුව හෙවත් තද (ස්ථිර) ගතිය නියෝජනය කරයි. ගිනිකොණ දිශාව තේජෝ ධාතුව නියෝජනය කරන අතර උණුසුම් ගතිය ඇති ගෘහ අංග මෙම දිශාවට සුදුසුය.වයඹ දිශාව ගත් විට එය වායෝ ධාතුව නියෝජනය කරන දිශාවය. හමා යන ගතිය ස්ථිර ගතියක් නොමැති ස්වභාවයක් ඇති කරවන දිශාවක් වශයෙන් සලකන අතර නිවසක වැසිකිළිය, විකල්පයක් වශයෙන් මුළුතැන්ගෙය, අමුත්තන්ගේ කාමරය, විදුලි මීටරය, වාහන නැවතුම් යන ගෘහ අංගයන් සඳහා ඉතාම සුදුසු දිශාවකි. මීට අමතරව වයඹ දිශාව යනු නිවසින් බැහැරව සිටීමට වැඩි වශයෙන් හේතු වන දිශාව වේ. විදේශ රැකියාවන් සඳහාද මෙම දිශාවේ ඇති වායෝ යන ගුණයෙන් විශාල පිටිවහලක් ලබා දෙයි.
වයඹ දිශාවේ ඇති මෙම වායෝ ධාතුව මඟින් චලනය වන ස්වභාවය ඇති කරවන බැවින් එම හේතුව මත බාහිර සබඳතා සහ විදේශ සබඳතා වැඩි දියුණු වීමක් සිදුවේ. මේ වනවිට ලංකාවේ විශාල පිරිසක් විදේශ රැකියා අවස්ථාවන් අපේක්ෂාවෙන් දින ගණන් ඒ සඳහා උත්සහ දරන අතර එම උත්සහයට නිවසක වයඹ දිශාවට වන්නට ඇති කාමරයක වැඩි කාලයක් ගත කිරීමේ හැකියාව පවතිනවා නම් එයට අමතර උදව්වක් මේ මඟින් ඇති වේ.
මෙම කාරණාවේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ පිරිමි පුද්ගලයන්ට විදේශ සබඳතා සඳහා අමතර උපකාරයක් ලැබුණත් කාන්තාවන් සඳහා ඇති වන්නේ ඉක්මන් විවාහයයි. මීට අමතරව මෙම වයඹ දිශාවේ ඇති කාමරයක සිටින පුද්ගලයන් නිවසින් පිටත සිටීමට වැඩි උත්සහයක් දරයි. ජීවත්වන නිවසේ වයඹ දිශාව නොමැති නම් එම දිශාවේ ඇති වායෝ ගුණය එම නිවසට බල නොපායි. මෙම හේතුව මත පෙර සඳහන් කළ පරිදි විදේශගත වීමට උදව් වන අමතර උපකාරය මෙම නිවැසියන්ට නොලැබී යයි. මෙහිදී කුඩා ප්‍රමාණයක නොව විශාල ප්‍රමාණයක් එනම් අඩි 8 – 10 වැනි ප්‍රමාණයක් නිවසේ ප්‍රමාණයට සාපේක්ෂව නොමැති වීම සැලකිය යුතු අතර නිවසේ අලංකාරත්වය වර්ධනය කර ගැනීම පිණිස නිවසින් අඩුවන කුඩා කොටස් මගින් එතරම් අහිතකර බලපෑමක් නිවැසියන්ට ඇති නොවේ.
තවද ඉඩමකද L හැඩයක් ඇතිවීම මත වයඹ දිශාව නොමැති නම් මෙම හේතුව බලපාන අතරම ඉඩමක බෑවුමද විදේශ ගමන් කෙරෙහි බලපෑමක් ඇති කරවන බව පැරණි වාස්තු ශාස්ත්‍ර ග්‍රන්ථවල පවා සඳහන් වේ. වයඹ දිශාවට බෑවුම් වූ භූමියක ජීවත් වන්නට නිවසින් පිට හෝ විදේශගත විමේ හැකියාව ඉතා ඉහළ බව සඳහන් කර ඇත. නමුත් ඉඩමක බෑවුම වඩාත් සුදුසු වන්නේ උතුර, ඊසාන සහ නැගෙනහිර දිශාවන්ට බව මෙහිදී වැඩි වශයෙන්ම සඳහන් කළ යුතුය.
නිවසක වයඹ දිශාවට අහසට විවෘත වූ මැද මිදුලක් සැලසුම් කිරීම වායෝ ගුණය මෙම නිවසට වැඩි වශයෙන් ලැබීමට හේතුවකි. මෙම වායෝ ගුණය මෙම නිවසට අනවශ්‍ය පරිදි ලැබීම මත නිවැසියන් නිවස තුළ රැඳීම ප්‍රතික්ෂේප කිරීම මත නිවාස පාළු තත්ත්වයකට පත් වේ. නිවසක මැද මිදුල සඳහා උතුරු, ඊසාන, නැගෙනහිර යන දිශාවන් වඩාත් සුදුසුය.
මීට අමතරව නිවසක මුළුතැන්ගෙය සැලසුම් කිරීමේදී ගිනිකොණ දිශාව ගත නොහැකි නම් විකල්ප දිශාව වශයෙන් වයඹ දිශාව ගත හැකිය. නිවසක වැසිකිළිය, වැසිකිළි වළ සැලසුම් කිරීමට සුදුසුම දිශාව වන මෙම වයඹ දිශාව තුළ එම ගෘහ අංග සැලසුම් කිරීම මඟින් එම ගෘහ අංග වලින් ඇති කරන අහිතකර බලපෑමද පහවී යයි. වයඹ දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය සැලසුම් කිරීම සුදුසු නොවන අතර අමුත්තන්ගේ කාමරය සැලසුම් කිරීම වඩාත් සුදුසුය. නිවසින් පිටත ඇති වස්තූන් වශයෙන් වයඹ දිශාව තුළ ළිඳ හා පොකුණු ආදියද ඉදි කිරීම නුසුදුසුය.
නිවසින් පිටත විදුලි මීටරය වැනි උපාංග සඳහා ගිනිකොණ දිශාව ගත නොහැකි අවස්ථාවක විකල්ප දිශාව වශයෙන් වයඹ දිශාව මේ සඳහා ඉතාම සුදුසුය.විදේශ රැකියාවකට යාමට අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට වයඹ දිශාවේ ඇති කාමරයක වයඹ කෝණයට වන්නට නිතර පෙනෙන පරිදි තමා යාමට අපේක්ෂිත රටේ ස්ථානයක පින්තූරයක් තැබීමත් ඉතාම සුදුසුය. වැදගත් කරුණක් වශයෙන් වෙළඳසැලක් තුළ ඉතා මන්දගාමීව විකිණෙන භාණ්ඩ හෝ නිෂ්පාදිත දිනයේ සිට කල් ඉකුත් වන දිනය දක්වා අඩු ජීව කාලයක් ඇති නිෂ්පාදන ඉක්මනින් අලෙවි කර ගැනීම සඳහා එම භාණ්ඩ හෝ නිශ්පාදන වෙළඳසැල මධ්‍යයේ සිට වයඹ දිශාව නිවැරදි මාලිමාවකින් හඳුනාගෙන එම භාණ්ඩ හෝ නිෂ්පාදනයන් වෙළඳසැලේ වයඹ දිශාවට වන්නට තැබීම මඟින් වායෝ ගුණය පදනම් කරගෙන එම අයිතිමයන් ඉක්මනින් විකුණා ගැනීමේ හැකියාවක් ද පවති.
මේ අයුරින් බලන විට වාස්තු ශාස්ත්‍රය තුළ පෙන්වා දී ඇති දිශාවන්වල ඇති ශක්තීන් පදනම් කර ගනිමින්ද වයඹ දිශාවේ ඇති වායෝ ගුණය ප්‍රයෝජනයට ගනිමින් විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඒ සඳහා අමතර උපකාරයක් ලබා ගැනීමටත්, නිවසක ගෘහ අංග සැලසුම් කිරීමටත්, ව්‍යාපාරික ස්ථානයක් සාර්ථක තර ගැනීම සඳහා භාණ්ඩ අලෙවි කර ගැනීමටත් හැකියාව ලැබෙන අතර වාස්තු ශාස්ත්‍රය තුළ මනාවට පෙන්වා දී ඇති මෙම දිශාගත ශක්තීන් තුලනාත්මකව ප්‍රයෝජනයට ගැනීම මත තමාගේ යහපත් අරමුණු ද සාර්ථක කර ගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
අර්චිත ඉඳුවර ✍️