වර්ණ කියන්නේ අපේ ජීවිතය හා බැඳුණු දෙයක් මේ වටපිටාව තුළ අපි ඇස ගැටෙන හැම තැනකම හැම දෙයක්ම වර්ණ ගැන්වී තියෙනවා. නමුත් එහෙම හිතලා අපිට අපේ ගෙදර අපි කැමති ලස්සනයි කියලා හිතන වර්ණ ආලේපය කරන්න තරම් වර්ණ කියන්නේ සරල තේමාවක් නම් නෙමෙයි. ඉතින් අද අපි ගෙදරට ආලේපන සඳහා වර්ණ තෝරාගැනීම්ගෙන් නිවැරදි අවබෝධයක් ලබාගමු…
වර්ණ හඳුනා ගැනීම
නිවසකට වර්ණ තෝරා ගැනීමටද වර්ණ ගැන මූලික අවබෝධය තිබීම ඉතා වැදගත්. නිල්, රතු සහ කහ යන වර්ණ මූලික වර්ණ ලෙසද එම වර්ණ මිශ්‍ර වී සෑදෙන කොළ, තැඹිල සහ දම් වර්ණ ද්විතීක වර්ණ ලෙසත් ද්විතීක වර්ණ මිශ්‍ර වී තෘතීක වර්ණද නිර්මාණය වේ. කළු හා සුදු වර්ණ එම වර්ණ සමඟ මිශ්රවීම මඟින් තද වර්ණ හා ලා වර්ණ නිර්මාණය වේ.
නිවසට වර්ණ තෝරා ගැනීමේදී උණුසුම් වර්ණ හා සිසිල් වර්ණ වර්ගීකරණය ඉතා වැදගත් වේ. උණුසුම් වර්ණ ලෙස කහ, තැඹිලි, රතු වර්ණ හා එහි ප්‍රභේද සිසිල් වර්ණ
ලෙස නිල්, කොළ සහ දම් යන වර්ණ හා එහි ප්‍රභේද හඳුන්වා දියහැක. උදාසීන වර්ණ ලෙස අළු, කළු සහ සුදු යන වර්ණ හඳුන්වනවා. සරලව මේ ආකාරයට වර්ණ හඳුන්වා දීමක් කළ හැකි අතර වර්ණ රෝදයක් උපයෝගී කරගනිමින් සමාන වර්ණ සහ ප්‍රතිවිරුද්ධ වර්ණ ලෙස තවදුරටත් වර්ණ වර්ගීකරණය කළ හැක.
නිවසට වර්ණ තෝරාගැනීම…
නිවසක් වර්ණ ගැන්වීමේදී එම අවකාශයේ සිදුවන ක්‍රියාව (නිදන කාමරයක්ද, ළමයින්ගේ ක්‍රීඩා කාමරයක්ද, මුළුතැන්ගෙයක්ද, කෑම ගන්නා ස්ථානයක්ද) ගැන සිතිය යුතුයි. කාමරයේ විශාලත්වය, හැඩය, ලැබෙන ආලෝකයේ ප්‍රමාණය, දොර ජනෙල් පිහිටා ඇති ආකාරය සහ ආලේපනය ලැබෙන දිශාව යන්න දැනට පවතින ගෘහ භාණ්ඩවල වර්ණ, තිර රෙදි වර්ණය, පොළොවේ ස්වභාවය හා වර්ණය, සිවිලිමේ වර්ණය හා ස්වභාවය ගැන සියලු කරුණු කාරණා ගැන සැලකිලිමත් විය යුතුවේ.
වර්ණ මඟින් මනසට සෘජු බලපෑමක් ඇති කළ හැකි බැවින් නිවැසියන්ගේ මානසික මට්ටම හඳුනාගැනීමද නිරවුල් මනසක සුවපහසුව ලබාදීමටද වර්ණවලට හැකියාවක් ඇත. එමෙන්ම වර්ණ මඟින් කලබලකාරී බව වැනි හැඟීම්ද උද්දීපනය කළ හැකි බැවින් නිවසක් තුළ වර්ණ භාවිත ඉතා නිවැරදිව ඉතා සැලකිලිමත් ලෙස සිදුකළ යුතු ක්‍රියාවලියක් වේ.
මේ වනවිට නාගරික පරිසරයක් තුළ ඉදිවන නිවාස ඉතාමත් සීමිත ඉඩකඩක් තුළ නිර්මාණය වන බැවින් ඒ සඳහා අවකාශයේ විශාල කර පෙන්වීම සඳහා සුදුසු වර්ණ බිත්ති සඳහා යොදා ගැනීම ඉතා වැදගත්.එමෙන්ම සුදු වර්ණය මඟින් නිවාස නිවස තුළ හොඳ ආලෝකයක් පවත්වාගන්න පුළුවන් වෙනවා. මෙවැනි නිවාස තුළ බහුල දක් බහුලව දකින්න සුදු පාට ඒකාකාරී බව මිදීම සඳහා වර්ණවත් ගෘහ භාණ්ඩ භාවිතය හෝ විශේෂ බිත්ති සඳහා ( Bed Head Wall , Sofa wall ) වැනි කැපී පෙනීමට අවශ්‍ය බිත්ති සඳහා තද වර්ණයක් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ තුළින් ප්‍රබෝධමත් බවක් හා විවිධත්වයක් නිවසට එකතු වෙනවා ආලෝකය වැඩි ස්ථාන සඳහාද තද වර්ණයක් කාලයක් කිරීම් මගින් ආලෝකයේ ඇති බාධාව මගහරවා ගත හැක.අඩු ආලෝකයක් හා කුඩා ස්ථානයක් සඳහා ඔබ තද වර්ණ භාවිත කිරීමක් නොකළ යුතු වේ. එවැනි ස්ථාන තවත් අඳුරු කුඩා වීමක් තද වර්ණ මගින් සිදුවේ. එවැනි ස්ථාන සඳහා ලාවර්ණ හෝ සුදු වර්ණ වඩාත් උචිත වේ. තද වර්ණයක් ආලේප කිරීමේදී ජනේලයට ප්‍රතිවිරුද්ධ බිත්ති හොඳින් ආලේපන පවතින බිත්තියේ සඳහා යොදාගන්න. උත්සාහ කරන්න. එමගින් ඔබ යොදාගන්නා වර්ණය තීව්‍රතාවය යම් ප්‍රමාණයකට අඩුවේ.
සෘජුකෝණික හැඩයක් සහිත කාමරයක දිග පැත්තේ බිත්ති දෙකට තද වර්ණයක් ආලේප කිරීම මගින් දුර ඇති බිත්තිය ළංවී ඇති හැඟීමක් ඇති කරන්න අපට පුළුවන්. පළල පැත්තේ බිත්තිවල ආභරණයක් හෝ සුදුවර්ණයක් කාලයක කිරීමකින් බිත්ති දෙක අතර දුර වැඩිවීමක් අපට ඇතිවී පෙනෙනවා. ඒ අනුව සෘජුකෝණාස්‍ර හැඩයක් සහිත කාමරයක් සමචතුරස්‍ර හැඩය කාමරයක් ලෙස මවා පෙන්වන වර්ණ මගින් හැකියාව ඇත.ඉතින් අපි බලමු වර්ණ වලින් දනවන හැඟීම් මොනවාද කියලා බලන්න කීපයක් උදාහරණ ලෙස ගෙන ඒ වගේම එම වර්ණ යොදාගන්න සුදුසු ස්ථානයක් ඒ සමග අපි කතා කරමු.
කහ පාට
බලාපොරොත්තුවේ වර්ණය ලෙසද හඳුන්වන්න පුළුවන්. උණුසුම් වර්ණයක් වන අතර උද්යෝගිමත් ආකර්ෂණීය ආරාධනාශීලී සතුට දනවන ශක්තිමත් වර්ණයක් වෙයි. නිවසක ආලින්දයට කුඩා ළමයින්ගේ කාමර සඳහා වඩාත් සුදුසු වෙයි. ළමයින්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට සමත් වර්ණයක් වේ. නිදන කාමර සඳහා සුදුසු නොවේ. මනසේ ක්‍රියාකාරීත්වය වැඩි කරන නිසා නිදිමත ඇති නොවේ.
තැඹිලි වර්ණ
උණුසුම් වර්ණයක් වන අතර නිර්මාණශීලී බව උද්දීපනය කරන විනෝදය ආහාර රුචිය වැඩි කරන වර්ණයක් වේ. මුල්තැන් ගෙට කෑම කාමරයට වඩා යෝග්‍ය වේ. ළමයි සෙල්ලම් කරන ස්ථාන සඳහාද යොදා ගත හැක.
රතු වර්ණය
ඉතා උණුසුම් වර්ණයක් වන රතු ආදරය වර්ණය ලෙස සැලකෙන්නේ එහි ඇති හැඟීම් උද්දීපණය කිරීමේ ප්‍රබල හැකියාව නිසාමය. වැඩි තිව්රර බවක්ද වැඩිදුර ප්‍රමාණයකට පෙනෙන වර්ණය ලෙසද හැඳින්වේ. අවදානම් හැඟීමක් ක්‍රියාශීලී බවක් ආහාරුචිය වැඩි කරන වර්ණයකි. අලුත් විවාහ වූ යුවළකගේ නිදන කාමරයට වඩාත් සුදුසුය.
දම් වර්ණය
සිසිල් වර්ණයක් වුවත් ක්‍රියාකාරී හැඟීම් දනවන වර්ණයක් ලෙස හොඳ ආලෝකය ඇති ස්ථානයකදී දැක්විය හැක. අඳුරු ස්ථානයකදී නිදිමත දනවන වර්ණයක් ලෙස ද තද දම් වර්ණයෙන් නිදන කාමර සඳහා යොදාගත හැකිවේ.
නිල් වර්ණය
ජලය සීහින්වන තරම් නිල්පාට ඉතා සිසිල් වර්ණයක් වේ. හිත සන්සුන් කරවයි. නිදන කාමර සඳහා සුදුසුවේ. උදෑසන අවදි වීමේදී වැඩ සිසිලක් සක් සහ කම්මැලි හැඟීමක් ඇති කරයි. නාන කාමර සඳහා බහුලව නිල් පාට ටයිල් භාවිතය සමාජයේ දැකිය හැකිවේ.
කොළ වර්ණය
ඉතා ස්වාභාවික හැඟීමක් ඇති කරයි. ඇසට විඩාවක් ඇති නොකරයි. පරිසරය හා බද්ධ හැඟීමක් දනවයි. මැසි මදුරුවන් විකර්ශනය වන වර්ණයක් බැවින් රෝහල්වල බහුලව භාවිත කරයි.
සුදු වර්ණය
පිරිසිදු බව නැවුම් බව කියාපාන වර්ණයකි. අවකාශය විශාල කර පෙන්වීමට හා ආලෝකමත් බව පවත්වා ගත හැකි වර්ණයක් වේ. අනෙක් වර්ණ සමඟ හොඳින් සංයෝජනය වේ.පාට කියන්නේ අපේ හැඟීම් කියාපාන ප්‍රතිබිම්බයක් කියලා මේ කරුණු එක්ක ඔබට පැහැදිලි ඇති. වෙළඳපොළ තුළ ඇති වර්ණ ආලේප කිරීමේදී පිලර් දෙවතාවක් ආලේප කර වර්ණ ආලේප කළ යුතු වේ. එමඟින් බලාපොරොත්තු වන වර්ණයම අපට ලබා ගත හැකි වේ.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️