ඌර්වශී රෞතෙලා කියන්නෙ දවසින් දවස බොලිවුඩයේ කතා මවන්නියක්. නිළියකටත් වඩා ඇය කැපී පේන්නෙ මෝස්තර නිරූපිකාවක් සහ ව්‍යාපාරික කාන්තාවක් විදිහට. ඒ වගේම සමාජයේ බොරුවට කැපී පේන්න උත්සාහ කරන සෝබනකාරී කෙනෙක් විදිහටත් ඌර්වශීට නොයෙකුත් දෝෂාරෝපණ එල්ල වෙනවා. නමුත් දිනෙන් දින හොඳින් හෝ නරකින් ඇයට ලැබෙන සමාජ අවධානයේනම් අඩුවක් නෑ.
පහුගිය දවස්වල ඌර්වශී වැඩිපුර කතාබහට ලක්වුණේ ඇයගේ 30 වන උපන්දිනය වෙනුවෙන් කපපු කෙක් එක නිසා. පෙබරවාරි 25 වෙනිදට යෙදිලා තිබුණා. ඇගේ 30 වන උපන්දිනය වෙනුවෙන් මේ අපූරු කේක් එක තෑගි කරලා තිබුණේ ඉන්දියාවෙ සංගීත නිෂ්පාදකවරයෙක් සහ ගායකයෙක් වන යෝ යෝ හනී සින්.
මේ දවස්වල හනී සින්ගේ අලුත්ම සින්දුවේ රූගතකිරීම් ඩුබායි හි සිද්ධ වෙනවා. එම ගීත රූප රචනාවේ රංගනයේ යෙදෙන්නේ ඌර්වශී රෞතෙලා. හැබැයි මේ ලිපියේ විශේෂත්වය හනී සින් ඌර්වශීට දුන්න කේක් එක නිසාම නෙවේ. මේ කේක් එක නිර්මාණය කරපු කේක් සමාගම නිසා. හනී සින් ඌර්වශීගේ කේක් එක නිර්මාණය කරන්න තෝරගත්තෙ ඩුබායි සිටි එකේ Amazing cake සමාගම.
මේ සමාගමේ අයිතිකරු ශ්‍රී ලංකාවේ තරුණයෙක්. ඔහු නමින් ප්‍රසන්න රාජගුරු. ප්‍රසන්න කියන විදිහටනම් ඌර්වශී වෙනුවෙන් ඔවුන් නිර්මාණය කළ දෙවන කේක් එක තමයි මේ. ඒ වගේම හනී සින් කියපු විදිහටම ප්‍රසන්නගේ කේක් සමාගම ඒක නිර්මාණය කරලා තිබුණා. මේ කේක් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තිබුණේ කෑමට ගන්න පුළුවන් කැරට් 24 රත්තරන් ආලේපනයකින්. මේ වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 3 ක් පමණ වැය වෙලා තියෙනවා. ලංකාවේ මුදලින්නම් කෝටි 12 ක් විතර වෙනවා.
හනී සින් ඔහු ඌර්වශීට දුන්නු රත්තරන් කේක් එක ගැන මාධ්‍යට මෙහෙම කියලා තිබුණා. “මට අනුව ඇය වැනි ගෝලීය සුපිරි තරුවක් රාජකීය සැලකිලි ලැබීමට සුදුසුයි. ඒ නිසයි මම ඇය වෙනුවෙන් රුපියල් කෝටි 3 ක් වටිනා මේ විශේෂ කේක් එක තෑගි කළේ. සහය නිළියක් වෙනුවෙන් කෙනෙක් කළ විශේෂම දේ ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. දෙවැනි වතාවටත් ඇය සමඟ වැඩ කිරීම සතුටක්.” හනී සින්ගේ අලුත්ම සින්දු ‘Vigyan Heeran’ පසුගිය 15 වැනිදා නිකුත් වුණා. මේ වෙද්දි එහි නැරඹුම් වාර මිලියන 20 කට ආසන්නව තියෙනවා.
දිගින් දිගටම ෆ්ලොප් වුණ චිත්‍රපටි කිහිපයක රංගනයේ යෙදුණ ඌර්වශී රංගන ශිල්පිණියක් විදිහට එතරම් සාර්ථක නොවී තියෙද්දිත් ඇය සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නෙ සල්ලිකාර පිරිමින්ගේ ඇසුර නිසා බවට විවිධ කටකතා බොලිවුඩයේ පැතිරුණත් ඌර්වශී රෞතෙලා කියන්නෙ මුම්බායිහි මහල් නිවාස හිමි ධනපති ව්‍යාපාරිකයකුගේ දියණියක් කියන එකනම් ඒ කටකතා පතුරුවන බොහෝදෙනා අමතක කරපු දෙයක්.
එරංදි කෞශල්‍යා ✍️