Monkey mind ගැන දැනගන්න
මුලින්ම කියන්න ඕනේ අපි හැමෝගාවම Monkey mind එකක් එහෙමත් නැත්නම් වඳුරු මනසක් තියෙනවා. තමන් තුළ තියෙන මේ වඳුරු මනස ගැන නොදැන ඉන්නතාක් ඉදිරි වැඩ කටයුතුවලට බාධා එල්ල වෙනවා. හුළං ගිය ටයර් එකක් එක්ක අපිට ගමනක් යන්න බෑනෙ. ඒ වගේ තමයි ජීවිතේ ගැටලු තියෙනකල් අපිට ඉස්සරහට යන්න බෑ. අද දවසේ ඔයා කරන දේ සහ නොකරන දේ හෙට දවසේ ඔයාගේ ජයග්රහණයන්ට හෝ පරාජයන්ට හේතු වෙනවා. ඒ නිසා පැහැදිලිවම ඔයා කළ යුතු දේ සහ නොකළ යුතු දේ බෙදා වෙන් කරගැනීම අතිශයින්ම වැදගත්.
මං මේ මංකි මයින්ඩ් එක ගැන පැහැදිලි කරන්න හොඳ කතාවක් කියන්නම්. දවසක් එක්තරා මනුස්සයෙක් පාරාදීසයක ඇවිදගෙන ගියා. පැය කිහිපයක් මොහු පාරාදීසේ ඇවිදිමින් පරිසරයේ සුන්දරත්වය විඳිමින් ඉන්න අතරේ මිටියාවතකට එනවා. මේ මිටියාවතේ තිබුණ ලොකු ගහක් යට විවේක ගන්න හිතාගෙන ඉඳගන්නවා. මේ වෙලාවෙ ඔහුට කුසගින්නක් දැනෙනවා.
ඔහු කල්පනා කරනවා කුසගින්න නිවාගන්න මේ මේ කෑම ජාති දැන් මං ළඟ තිබුණ නම් හොඳයි කියලා. හිතන්නත් කලින්ම ඔහු සිතූ ආහාර සියල්ලම ඔහු ඉදිරියේ මැවෙනවා. ඒ කෑම මැවුන විදිහවත් නොසිතා ඔහු ඒ ආහාර සියල්ලම ආහාරයට ගන්නවා. ඊළඟට ඔහු හිතනවා දැනෙන පිපාසය නිවාගන්න මෙන්න මේ බීම වර්ග තිබුණ නම් හොඳයි කියලා. ඔහු ඉදිරියේ ඒ අපේක්ෂා කළ බීම සියල්ලම මැවෙනවා. කිසිවක් නොසිතා ඔහු ඒ බීමත් පානය කරනවා.
කෑම බීම සියල්ලම ආහාරයට ගෙන අවසන් වුණාට පස්සේ ඔන්න ඔහු කල්පනා කරනවා දැන් මේ කෑම බීම තමන්ට ලැබුණේ කොහෙන්ද කියලා. සමහර විට මෙහි අදෘශ්‍යමාන බලවේගයක් ඇති කියලා ඔහු හිතනවා.
යකෙක් මේ පාරාදීසේ ඉන්න පුළුවන් කියලා හිතනවා. ටික වෙලාවකින් යකෙක් තමන් ඉදිරියේ පෙනී ඉන්නත් පුළුවන් කියලා හිතුව සැණින්ම යක්ෂයෙක් මේ මනුස්සයා ඉස්සරහ පෙනී හිටියා. නමුත් මේ මනුස්සයට කිසිම කරදරයක් යක්ෂයා කළේ නෑ.
නමුත් මනුස්සයා හිතුවා දැන් මේ යක්ෂයා තමන්ට පහර දෙයි කියලා. ඒ මොහොතෙම ඔහුට යක්ෂයා පහර දෙන්න පටන් ගත්තා. ගුටි කනකොට මිනිහා හිතුවා මේ යක්ෂයා තමන්ව මරයි කියලා. එහෙම හිතපු සැණින්ම මේ යක්ෂයා ඔහුව මරා දැම්මා.
මේ පුද්ගලයාට මෙහෙම වෙන්න හේතුව මොකක් කියලද ඔයාලා හිතන්නෙ? හේතුව තමයි ඔහු මේ සියල්ල සිදුවෙද්දී ඉඳගෙන හිටියේ සිතූ පැතූ සම්පත් සියල්ලම ලබාදෙන කල්ප වෘක්ෂය පාමුල.
ඔහු හිතුවා තමන්ට කෑමක් තිබුණ නම් කියල. ඔහුට කෑම ලැබුණා. ඔහු හිතුවා බීමක් තිබුණ නම් හොඳයි කියල. ඔහුට බීමත් ලැබුණා. ඊටපස්සේ ඔහු හිතන්න පටන්ගත්තේ මේවා ආවෙ කොහෙන්ද? භූත බලවේගයක්ද? මේ යක්ෂයා මට කරදර කරයිද? වගේ අනවශ්‍ය දේවල්. මෙන්න මේ අනවශ්‍ය දේවල් හිතන එකට තමයි අපි මංකි මයින්ඩ් කියන්නෙ.
ඔයාලා දන්නවද චිම්පන්සියා සහ මිනිසා අතර තියෙන DNAවෙනස කොච්චරක්ද කියල? විද්‍යාඥයන් ප්‍රකාශ කරන විදිහට ඒ වෙනස 1.92% යි. චාල්ස් ඩාවින් කියපු විදිහට අපි පැවතගෙන එන්නේ වඳුරන්ගෙන්ගෙ නැට්ට හැලිලා ගිය නිසා අපි මිනිසුන් බවට පත්වුණා. නමුත් තවමත් මිනිස්සු තුළ වඳුරන්ගේ තියෙන සමහර ලක්ෂණ, ගති පැවතුම් තියෙනවා.
වඳුරා හැමතිස්සෙම අනවශ්‍ය හැසිරීම් එළියට දානවා. බොරුවට දඟලන්න තමන්ගේ ශක්තිය වැය කරනවා. දෙවෙනි කාරණය වඳුරා නිතරම තව කෙනෙක්ව අනුකරණය කරන්න උත්සාහ කරනවා. මේ දේවල් දෙක අපේ ජීවිතේ කොච්චර අවස්ථාවල අපි කරල තියෙනවද?
අර පාරාදීසය තුළ මියගිය පුද්ගලයා අපේක්ෂා කරපු විදිහට ආහාර පාන ලැබුණත් අනවශ්‍ය දේවල් හිතන්න තමන්ගේ මනසේ ශක්තිය වැය කළා. ඔබ සමහර විට නිවැරදි මාවතේ ජයග්‍රහණය කරා ළඟා වෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ යන අතරේ ඔබ දකිනවා තව කෙනෙක් ජයග්‍රහණය කරා ගිය වෙනත් ක්‍රමයක්. ඊටපස්සේ ඔබ උත්සාහ කරනවා ඒ විදිහට ජයග්‍රහණය කරා යන්න. මංකි මයින්ඩ් එක ක්‍රියාත්මක වෙනවා. තව කෙනෙක්ව අනුකරණය කරන්න පටන් ගන්නවා. එතනදී ඔබ පරදිනවා.
මේ නිසා ඔබගේ ශක්තිය වළක්වා ගැනීම්වලින් තොරව වැය කරන්න බෑ. හිතන්නකෝ ඔයාට ගෙයක් හදාගන්න ඕන කියලා. ගෙදර වටිනාකම ලක්ෂ සීයයි. හැබැයි ඔයා ගාව තියෙන්නේ ලක්ෂයයි. මේ ලක්ෂයෙන් ඔයා ගෙදර හදන්න පටන්ගත්තොත් ඔයාට කොහොමහරි මුදල් හොයන ක්‍රමයක් ඔළුවට එයි. අලුතින් ව්‍යාපාරයක් හෝ පටන් ගන්න ඕනේ කියලා හිතෙයි. හදාගෙන යන ගෙදර නිසාම අලුතින් දේවල් ගොඩක් ඉගෙනගනියි. හැබැයි ගෙදර හදන්න හීන දකින ගමන් මගේ අතේ තියෙන්නේ ලක්ෂයයිනේ,
මට ගේ හදාගන්න බැරි වෙයි කියලා හිතුවොත් ගෙදර නොහදා ඉන්න හේතුදාහක් හිතට එයි. ඒ නිසා මේ වඳුරු මනස ඔයා තුළ ක්‍රියාත්මක නොවෙන්න වගබලාගන්න. කවදාවත් අතීත අත්දැකීම් වර්තමාන අත්දැකීම් බවට පත් කරගන්න එපා. ඔයා දෙයක් කරන්න උත්සාහ කරන්නේ පළමු වතාවට වෙන්න පුළුවන්. නමුත් ඔබ කෙරෙහි විශ්වාසයෙන් ජයග්‍රහණය ගැන විතරක්ම හිතන්න පුරුදු වෙන්න.
අභිප්‍රේරක,
පුද්ගල හැකියා
සංවර්ධන පුහුණුකරු
භාතිය අර්ථනායක
එරංදි කෞශල්‍යා ✍️