වාස්තු ශාස්ත්‍රය යනු පුද්ගලයින් නිරෝගී සුවෙන් තැබීමට උදව් කරනු ලබන විෂයකි. එසේ වන්නේ වාස්තු විද්‍යාවේ දිශාවන් හා ස්වභාදහමේ හැසිරීම් තුලනාත්මකව තම ජීවිතවලට සහ ජීවත්වන නිවසට යොදා ගැනීමෙන්ය.මෙහිදී වාස්තු විද්‍යාත්මකව නිවසක් සෑදීමෙන් පුද්ගලයින්ගේ සාර්ථකත්වය ළඟා කරගත හැකි මෙන්ම එම නිවසේ ජීවත්වන නිවැසියන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වයද ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවද ඇත. වාස්තු ශාස්ත්‍රය තුළ පංච මහා භූතයන් සමඟ බැදුණු දිශාවන් පිළිබඳව ඉතා ගැඹුරු සබඳතාවයක් පවති. මෙම පංචමහා භූතයින්ගේ ක්‍රියාකාරීත්වයට සමාන නොවන පරිදි විරුද්ධ ලෙස ඉදිකර ඇති ස්ථාන වලින් ඇතිවන දෝෂ මඟින් නිවැසියන් රෝගී තත්ත්වයන්ට පත් වේ.වෛද්‍ය ප්‍රතිකාර ක්රමවලද වාත, පිත, කප ලෙස හඳුන්වනු ලබන තුන්දොස් අඩුවීම, වැඩිවීම, විෂම වීම මත එනම් තුන්දොස් කිපීම මත පුද්ගලයින් රෝගීතාවයට පත් වේ. එමෙන්ම මෙම ප්‍රතිකාර ක්‍රම වලද වාස්තු ශාස්ත්‍රය තුළ ඇති පරිදිම පංච මහා භූතයන් පිළිබඳව ගැඹුරින් සලකා ලබනු ලබයි.එම නිසා නිවසක් ඉදිකිරීමේ දී මෙම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයින්ට ගැළපෙන ලෙස නිවසක ගෘහ අංග සැලසුම් කිරීම සිදු කළ යුතුය.සාමාන්‍යයෙන් සමාන වස්තූන් ඒ හා සමාන වස්තූන් කෙරෙහි ආකර්ෂණය වන්නාසේ මෙම පංච මහා භූතයින්ට ගැළපෙන ලෙස නිවස සැලසුම් කර ගත යුතුය.
නිවසක නිදන කාමර සැලසුම් කිරීමේදී
මෙහිදි ගිනිකොණ දිශාවේ ප්‍රධාන නිදන කාමරය සැලසුම් කිරිම නොකළ යුතු දෙයකි. ගිනිකොණ යනු තේජෝ ගුණය හෙවත් උණුසුම බලාත්මක දිශාව බැවින් මුළුතැන්ගෙය වැනි උණුසුම අධික ගෘහ අංග සැලසුම් කළයුතු අතර මෙම දිශාවේ ප්‍රධාන නිදන කාමරය සැලසුම් කිරීම මඟින් එම නිදන කාමරය තුළ ජීවත් වන්නන්ට උණුසුම අධික රෝගි තත්ත්වයන්ට පත්වීමට සිදු වේ.
එමෙන්ම සංධි රෝග තත්ත්වයන්ද ඇති වන අතර දරුවෙකු අපේක්ෂාවෙන් සිටින මව්වරුන්ට උෂ්ණය අධික හේතුව මත දරුවන් පිළිසිඳ ගැනීමේ ගැටලුද ඇති වේ. එමෙන්ම ආපෝ ගුණය හෙවත් සිසිලස අධික ඊසාන දිශාවේ ඇති කාමරයක අධික සෙම් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු සිටීමෙන් එවැනි රෝගීන්ගේද මෙම රෝගී තත්ත්වයන් වර්ධනය වේ. තවද නිවසක ඊසාන හා නිරිත යන දිශාවලද මුළුතැන්ගෙය ඉදිකර තිබීම හා එය සක්‍රිය තාවයේ තිබීම මඟින්ද එම නිවැසියන් රෝගි තත්ත්වයන්ට පත්වේ.
නිවසක හරිමැද නිදහස් නොවීම
සාමාන්‍යයෙන් නිවසක් සැලසුම් කිරීමේදි නිවසේ හරි මැද, මධ්‍ය ලක්ෂ්‍ය, center point ලෙස හඳුන්වනු ලබන ස්ථානය නිදහස් විය යුතුය. මෙම ස්ථානය වාස්තු ශාස්ත්‍රය තුළදී බ්‍රහ්ම වශයෙන් හඳුන්වන අතර එය හෘදය ලෙස සලකනු ලබයි. නිවසක ප්රබලතම ස්ථානයක් වන මෙම ස්ථානය තුළ බරක් වැටීම එනම් බිත්තියක්, කණු, පඩිපෙළ, දොරටු තිබීම සුදුසු නොවේ. එමෙන්ම වහලයක යට ලී, බාල්ක ආදියද මෙම ස්ථානයට ඉහළින් තිබීම සුදුසු නොවේ. තවද නිවසක මධ්‍ය ලක්ෂය නාන කාමර වැනි ස්ථාන වල යෙදේ නම් එයද අහිතකර තත්ත්වයකි.
පෙර සඳහන් කළ පරිදි බ්‍රහ්ම යනුවෙන් හෘදය හඳුන්වන අතර මෙම ස්ථානය ගැටලුකාරි තත්ත්වයන්ට ලක්වීම තුළින් එම නිවැසියන්ගේ හෘදය සහ ඒ ආශ්රිත රෝගී තත්ත්වයන්ට ලක්වීමට සිදු වේ. එම නිසා නිවසක් සැලසුම් කිරීමේදි එහි හරිමැද නිදහස්ව සිටින ලෙස සැලසුම් කිරිම සුදුසුය. ආකාශ යන ගුණය එනම් හිස් අවකාශයක් තිබීම මඟින් මෙම ස්ථානයේ ගැටලු අවම කරගත හැකිය. එමෙන්ම වාස්තු දෝෂ මඟින් හටගන්නා හෘදය ආශ්රිත රෝගයන්ගෙන්ද නිදහස් වීමේ හැකියාව පවති.
ඊසාන හා නිරිත දිශාවේ ඇති වැසිකිළිය හා වැසිකිළි වළ
වාස්තු ශාස්ත්‍රය තුළ දී ඊසාන දිශාවට ඉතාම වැදගත් ස්ථානයක් ලැබී ඇත. සාමාන්‍යයෙන් වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇති දිශාවද ඊසාන දිශාව බැවින් එම ප්‍රදේශයේ වැසිකිළිය හා වැසිකිළි වළ තිබීම ද තවත් ගැටලුවකි. එමෙන්ම නිරිත දිශාව ද මෙම අයිතම සඳහා නුසුදුසුය. ඊසාන දිග සහ නිරිත දිග මෝසම සක්‍රීය වන කාලවල දී එම සුළන් ප්‍රවාහය මගින් මෙම ස්ථානවල ඇති අහිතකර විෂබීජ නිවස තුළට පැමිණීම මගින් ද එම නිවැසියන් රෝගී තත්ත්ත්වයන්ට ලක් වේ.
නිවසක අග්නි ද්වාරය හෙවත් ගිනිකොණ දොර හා නිවසට ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු
සාමාන්‍යයෙන් නිවසක ප්‍රධාන දොර ඇතුළු නිවසට ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු තැබිය යුත්තේ ප්‍රධාන දිශා 04 වන උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන දිශා වලටය.ෂෝඩශ ගෘහ ප්‍රභේද ලෙස හඳුන්වනු ලබන නිවසක දොරටු තැබීමේ ක්‍රම 16 ක් ඇත.
එයින් නිවැසියන්ට රෝග බාධා ඇති කරවන ලෙස ඒ ඒ දිශාවලට නොගැළපෙන ආකාරයට දොරටු තැබීමෙන් ද එම නිවැසියන්ට රෝගී තත්ත්වයන් ඇති වේ. මෙයින් එක් උදාහරණයක් ලෙස “නන්ද නැමැති” නිවස ගත හැකි අතර මෙහිදී නැගෙනහිර දිශාවට හා දකුණු දිශාවට දොරටු පිහිටා ඇත. මෙම නිවස තුළ තාප ශක්තිය වැඩි වන බැවින් උෂ්ණාධික රෝග සෑදීම සිදු වේ.
මෙය එක් උදාහරණයක් ලෙස දැක්විය හැකි අතර මෙම දොරටු තැබීමේ ක්‍රමවේද 16 න් සුදුසු දිශාවන්ට ගැළපෙන ලෙස නිවසක දොරටු තිබිය යුතුය. එමෙන්ම අග්නි ද්වාරය ලෙස හඳුන්වනු ලබන ගිනිකොණ කෝණයට වන්නටම දොරටු තැබීම ද නොකළ යුතු දෙයකි.
නිවසක විදුලි මීටරය පිහිටුවීම
ඊසාන හා නිරිත යන දිශාවල විදුලි මීටරය සවි කිරීම නුසුදුසුය. මේ සඳහා සුදුසුම දිශාව වනුයේ ගිනිකොණ හා වයඹ දිශාව වේ. ඊසාන හා නිරිත දිශාවේ ඇති විදුලි මීටර මගින් නිවසට පැමිණෙන අන්තරීක්ෂ ශක්තියට බාධා ඇති වේ. එමෙන්ම බෝ නොවන රෝගවලට නිවැසියන් ගොදුරු වේ.
උතුරට හිස හරවා නිදා ගැනීම
මෙය නිදාගැනීමේදී හිස නොදැමිය යුතුම දිශාව වේ. චුම්බක බලය හේතුවෙන් හදවතට හා මොළයට ආතතියක් ඇති වේ. එම නිසා ශරීරයට අපහසුතා සහ දිගු කාලීනව නින්ද අඩු වීමද සිදුවේ. නමුත් මෙහිදී නිදන ඇඳද දැව ඇඳක් වීම සුදුසු වන අතර යකඩ ඇඳන් නිදා ගැනීම සඳහා සුදුසු නොවේ.
මීට අමතරව යට ලී බාල්ක වලට යටින් දිගු වේලාවක් සිටීම ද රෝගී තත්ත්වයන්ට හේතුවකි. තවද දිශාවන්වල ඇති වැදගත්කම පදනම් කර ගනිමින් ඊසාන දිශාවේ බැල්කනි හා වැරැන්ඩාවල රාත්‍රී කාලය තුළ සඳ එළියේ සිටීම ද පිත් රෝග වලට ඉතා හොඳ ඔසුවක් බව ඇතැම් වෛද්‍ය ක්රමවලද සලකනු ලබයි.
ඊසාන දිශාවේ රෝගවලට ගනු ලබන බෙහෙත් ඖෂධ තිබීම හා එම දිශාවේ බෙහෙත් පැළ වගා කිරීමද ඉතාම සුදුුසුය.දිශාවන්ගේ ඇති ශක්තීන් උපයෝගී කර ගනිමින් නිවැරදි වාස්තු ශාස්ත්‍රානුකූලව නිවසක් සැලසුම් කිරීම මගින් නිරෝගීව ජීවත් විය හැකිය’ එනම් සුවෙන් සිටීමට වාස්තු යොදා ගත හැකියි.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
Aloka Homes vasthu FB Page
අර්චිත ඉඳුවර ✍️