ස්වභාවික ලෙසින් ගැබ් ගත් කලලයක් තමන්ගේ අවශ්‍යතාවය මත විනාශ කිරීම ගබ්සාවයි. නමුත් ප්‍රජනන අයිතීන් සඳහා වූ මධ්‍යස්ථානයේ දත්ත අනුව රටවල් 21 ක පමණ ගබ්සාව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එයින් වැඩි සංඛ්‍යාවක් දක්ෂිණ අර්ධගෝලයේ රටවල් වේ. අප්‍රිකාවේ රටවල් බොහොමයක දැඩි ගබ්සා නීති පනවා ඇත. කොංගෝව, සෙනගල්, සියරා ලියොන්, මොරිටේනියාව සහ ඊජිප්පතුව වැනි රටවල් ගබ්සාව සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද රටවල් අතරට ඇතුළත් වේ. යුරෝපයේ බොහෝ රටවල් ආර්ථික හේතුමත එනම් දරුවෙකු ලැබීමෙන් පසුව කාන්තාවකට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන ගබ්සාව තහනම් කර තිබේ.
නමුත් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල ගබ්සාවට අවසරය ලබා දී ඇත.බ්‍රසීලය, ශ්‍රී ලංකාව වැනි රටවල ගබ්සාව නීතියෙන් තහනම් වුණත් තායිලන්තය, වියට්නාමය වැනි බෞද්ධ රටවල් පවා මවගේ සහ දරු කලලයේ නිරෝගීතාවය සහ ආර්ථික පසුබිම පාදක කරගෙන ගබ්සාවට අවසර දි ඇත. මේ අන්දමින් සාධාරණ හේතුන් තුළ පිහිටාගෙන හෝ තමන්ගේ දරු කළලය ගබ්සාවට අවසර ලබාදීම වඩාත් සාධාරණ බව මධ්‍යස්ථ මතධාරින්ගේ අදහසයි. 2012 වසරේ බ්‍රසීලය ගබ්සාව තහනම් කිරීම වෙනුවෙන් නීති පනවනු ලැබුවත් සිකා වෛරස තත්ත්වයේදී දරු කලල ආසාදිත වීම නිසා කලල ගබ්සාව වෙනුවෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඔවුන්ට සිදුවිය.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පවා උගුරට හොරා බේත් කන පිළිවෙතක පිහිටා ඇත. ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ මෙය සිකා වෛරසය පිළිබඳ ප්‍රශ්නයක් මිස ගබ්සාව නීතිගත කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි. කෙසේ වුණත් රෝගී දරුවන් දැන දැනම බිහි කරන අවාසනාවන්ත තත්ත්වයෙන් බ්‍රසීලය මිදිය යුතුය යන සංකල්පයේ පිහිටා කාන්තාවන්ට වෛරස තත්ත්වය සමනය වනතෙක් ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට උපදෙස් ලබා දුන් අතර මේ වන විට ආසාදිත තත්ත්වයට පත් කලල වෙනුවෙන් ගබ්සා කිරීමට අවසරය පමණක් ලබා දෙන ලදී.
පෝලන්ත රජය විසින් ගබ්සාව අනුමත කරන අවස්ථා
- කාන්තාවගේ ජීවිතය අනතුරට පත් කරන අවස්ථාවකදී
- කලලයට අවදානමක් ඇති අවස්ථාවක
ස්ත්‍රී දූෂණයක් හෝ බලහත්කාරයක් ලෙසින් ගැබ් ගැනීමක් සිදුවීම සහ එය නීතියෙන් සනාථ වූ විට පෝලන්තයේ සිදු කරන ලද සමික්ෂණයකට අනුව ගබ්සාව තහනම් කිරීම පිළිබඳව කැමැත්තක් දක්වා ඇත්තේ 11 % ක් පමණ වන අතර ඔවුන් සඳහන් කරන්නේ මිනිස් ජීවිතයක් වෙනුවෙන් උරුම විය යුත්තේ ස්වභාවික මරණය පමණක් බවයි.
නාරි සහ ප්‍රසවරෝග පිළිබඳ මහාචාර්ය රොමෝල්ඩ් පෙන්වා දෙන්නේ සති 32 ක් මේරූ කලලයක් ආසාදිත තත්ත්වයට පත් වුණත් කුස තුළ සිටින දරුවා මිය යෑම සමග මලදරු උපතක් සිදු කිරීම හැර වෙන කිසිදු විකල්පයක් නොමැති බවයි. ගර්භ සංකුලතාවයන් පිළිබඳ පරීක්ෂාවේදී සහ ගැබිණි මවගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් වූ වෛද්‍ය සැත්කම් පවා නීතිය ඉදිරියේ මතභේදාත්මක විය හැකි බව ඔවුන් සඳහන් කරනවා.
ගබ්සාවට ඖෂධයක්
ඇමරිකා එක්සත් ජනපදය විසින් ගබ්සාව වෙනුවෙන් යොදා ගන්නා ලද මිෆප්‍රිස්ටෝන් (Mifepristone) ඖෂධය තහනම් කිරීමට ගත් තීරණය කර තිබේ. මෙම ඖෂධය 2000 වසරේ පටන් නීත්‍යානුකුලව පැවැති අතර එය තැපැල් මගින් ගෙන්වා ගැනීමට මෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීමට පවා අවසරයක් තිබුණි. ඒ වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ නීතිවලින් පවා ප්‍රතිපාදන සැලසී ඇත.
මිෆප්‍රිස්ටෝන් යනු කුමක්ද?
මිෆප්‍රිස්ටෝන් වෛද්‍යමය ගබ්සාවකදී ලබා දෙන ඖෂධයකි. එය ගර්භණීත්වයේදී අවශ්‍ය ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය අවහිර කිරීමක් සිදු කරන අතර එහි දෙවන පියවර වශයෙන් මයිසොප්‍රොස්ටෝල් ඖෂධය මගින් ගර්භාෂයේ ඇති විෂ සංයෝග ඉවත් කිරීම සිදු වේ.
1988 වසරේදී මිෆප්‍රිස්ටෝන් ඖෂධය වෙනුවෙන් අවසරය ලැබුණ අතර එය පළමුව භාවිත කරන ලද රට ලෙසට ප්‍රංශය සලකනු ලැබේ. මේ වන විට රටවල් 96 ක මෙම ඖෂධය භාවිත වේ. 2023 වසරේදී ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, ජපානය වැනි රටවලටත් මෙම මිෆප්‍රිස්ටෝන් සහ මයිසොප්‍රොස්ටෝල් ඖෂධ භාවිතය වෙනුවෙන් අවසර ලැබී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ගබ්සාවක් වෙනුවෙන් මෙම ඖෂධ අනුමත කර ඇති අතර අනාරක්ෂිත ගබ්සාවක් අවම කිරීම වෙනුවෙන් මෙම ඖෂධ භාවිතය වෛද්‍ය නිර්දේශයකින් තොරව පවා ලබා ගැනීම අනුමත කර තිබෙනවා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට මෙම ඖෂධය ඇතුළත් කර තිබේ. බොහෝ රටවල් විසින් මෙම ඖෂධ ලබා ගැනීම දෙවන ත්‍රෛමාසිකය වෙනුවෙන් අනුමත වුණත් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගැබ්ගෙන සති 10 ක කාලයේදී මයිසොප්‍රොස්ටෝල් සහ මිෆප්‍රිස්ටෝන් ලබා ගැනීම අනුමත කර තිබේ.
මෙය රසායනික ගබ්සාවක්
වෛද්‍ය විද්‍යාත්මක ලෙසින් වූ ආරක්ෂාව පසෙක තබා මෙහි සදාචාරාත්මක පැත්ත ගැන කතා කරන හෙවත් ගබ්සාවට එරෙහිව සංවිධානය වූ ක්‍රියාකාරී කණ්ඩායම් Alliance for Hippocratic Medicine විසින් මෙය “රසායනික ගබ්සාවක්” ලෙසින් හඳුන්වා තිබේ. ඔවුන් පවසන අන්දමට මෙය සදාචාරාත්මක ලෙසින් මෙන්ම කාන්තාවකගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙනුත් යම් බලපෑමක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. ඒ නිසා මයිසොප්‍රොස්ටෝල් සහ මිෆප්‍රිස්ටෝන්ලබා ගැනීම වෙනුවෙන් වූ පහසුකම් අත්හිටුවීම වැදගත් බැව් මෙම ක්‍රියාකාරී සංවිධාන මගින් තරයේ පිළිගෙන තිබේ.
මිෆප්‍රිස්ටෝන් අතුරු ආබාධ මොනවාද?
ඕනෑම ඖෂධයක් භාවිත කිරීමේදී අතුරු ආබාධ ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. මිෆප්‍රිස්ටෝන් ලබා ගැනීමේදී ඇතිවන අතුරු අපහසුතාවයන් කීපයක්.
- මස්පිඬු පෙරලීම.
- යෝනි මාර්ගයෙන් ලේ ගැලීම.
- ඔක්කාරය
- වමනය
- උණහිසරදය
ආහාර සහ ඖෂධ අධිකාරියට අනුව මිෆප්‍රිස්ටෝන් සහ මයිසොප්‍රොස්ටෝල් භාවිතයේ අතුරු සංකුලතාවයන් ලෙසින් මෙතෙක් මරණයට පත් සංඛ්‍යාව පස් දෙනෙකු බැව් වාර්තා වේ. සාමාන්‍යයෙන් පෙනිසිලින් ආසාත්මික වීමෙන් මිලියන 20 ක් පමණ මියයයි.
( බී. බී. සී. ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️