මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාවට උපදෙස් ලබා දී තිබේ.
පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න.(වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5 ක් වත්)
පිපාසයට ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
අධික පාරජම්බූල කිරණවලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කණ්ණාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.
පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.
හැකි පමණ ළා පැහැති සැහැල්ලු, කපු ඇඳුම්වලට යොමුවන්න.
එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට හැකිතාක් යොමුවන්න.
වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක්වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.
අධික හිරු රශ්මියෙන් බේරෙන්න දවසට වතුර ලීටර් 2.5 ක් වත් බොන්න

Leave a comment