නවතම අධ්‍යනයන්ට අනුව බ්රසිලයේ පිරිමි පුද්ගලයන් 100,000 කට ශිෂ්ණ පිළිකා රෝගීන් 2. 1 ක් වාර්තා වෙනවා. 2012 වසරේ සිට 2022 දක්වා වූ කාලය තුළ රෝගීන් 21, 000 ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් 4000 ක් මරණයට පත් ව ඇත. එයිනුත් වැඩිම ශිෂ්ණ පිළිකා රෝගීන්ගේ වාර්තා වීම එරට දුප්පත්ම ප්‍රාන්තයක් ලෙසින් සැලකෙන රන්හාඕහි වන අතර එය 100,000 කට 6. 1 ක් බැව් වාර්තා වෙනවා. මෙය ගෝලීය වශයෙන් ඉහළම රෝගී අනුපාතය වී තිබේ.
රෝග ලක්ෂණ…
ශිෂ්ණයේ ඇතිවන සුව නොවන තුවාලය (Ulcer) ශිෂ්ණ පිළිකාවක මූලික රෝග ලක්ෂණයයි. මෙය දැඩි ගන්ධයකින් යුක්ත අතර එම තුවාලයෙන් තරලයක් නිකුත් වෙනවා.කල් තබා හඳුනාගතහොත් ශිෂ්ණ පිළිකාව සුවපත් කර ගැනීමේ වැඩි අවස්ථවාක් තිබෙන බවත් අමතක කළ යුතු නැහැ. ශල්‍ය කර්මකින් පසු රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව වැනි ප්‍රතිකාර මගින් රෝගියාගේ ජීවිතයේ සාමාන්‍ය රටාව පවත්වා ගෙන යෑමේ හැකියාව ලැබෙනවා.
නමුත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන බැව් අමතක කළ යුතු නැහැ. නිසි පරිදි ප්‍රතිකාර ලබා නුදුනහොත් ශිෂ්ණයේ කොටසක් හෝ වෘෂණ කෝෂ මුළුමනින්ම සහ ඒ අවට ඇති ලිංගික ඉන්ද්‍රියන්ද ඉවත් කිරීමට සිදු වෙනවා.සාඕ පුලෝහි AC Camargo පිළිකා මධ්‍යස්ථානයේ මෞති රෝග ඒකකයේ වියාගෝ කමේලෝ මෝරෝ සඳහන් කරන්නේ පිරිමි ලිංගය අර්ධ වශයෙන් ඉවත් කළත් ලිංගේන්ද්‍රිය හරහා මුත්‍රා පිටවීම දිගටම සිදු වෙනවා. පූර්ණ වශයෙන් ලිංගේන්ද්‍රිය ඉවත් කිරීමේදී මුත්‍රා විවරය අදාල මාර්ගයෙන් වෙනස් කොට වෘෂණ කෝෂය සහ ගුද මාර්ගය අතර ප්‍රදේශය (Perineum) වෙත ගෙන යනවා. එයින් පසුව ඔහු පිරිමියෙකු වුණත් කාන්තාවක මෙන් වාඩි වී මුත්‍රා කිරීමට සිදු වෙනවා.
ශිෂ්ණ පිළිකාවක් ඇති වීමට හේතු…
වයස්ගත ජනගහනය ඉහළ යෑම ශිෂ්ණ පිළිකා ඇතිවීමට හේතුවක් බැව් විශේෂඥයින් පෙන්වා දෙනවා. වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළ යන ප්රවනතාවයක ශිෂ්ණ පිළිකාවන්ගේ පැතිරීමේ වේගයද ඉහල යෑම සාමාන්‍ය බැව් ඔවුන්ගේ අදහසයි.
තද පෙර සමක් තිබීම දුම්පානය.
පෞද්ගලික සනීපාරක්ෂාව නැති වීම.
ලිංගික සසංර්ගයෙන් පසුව පුරුෂ ලිංගය සබන් වතුරෙන් සෝදා ගැනීම.
සංසර්ගයේදී උපත් පාලන කොපු භාවිතා කිරීම.
ශල්‍ය කර්මයකින් පෙරසම ඉවත් කිරීම.
Brazilian Society of Urology සංගමයේ මවුරිසියෝ ඩේනෙර් සඳහන් කරන අන්දමට පිරිමි පුද්ගලයන් සම්බන්ධව බැලුවොත් පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත රෝග තත්ත්වයන්ගෙන් පසු වෙන පුද්ගලයන්ට මුත්‍රා ආසාදන ඇති වීමට වැඩි හැකියාවක් තිබෙනවා. බැක්ටීරියා හෝ වෙනත් හේතුවක් නිසා මුත්‍රා ආසාදන ඇති වන අවස්ථාවන් තිබෙනවා.
ඒ වගේම මෙවැනි රෝගීන්ගේ මුත්‍රා මාර්ගය අවහිර වු විට මුත්‍රා හිර වීමත් වෙන්නත් පුළුවනි. ඒ නිසා යම් පිරිමි පුද්ගලයෙක් ශිෂ්ණයේ ඉහළ කොටස සහ පෙරසම නිසි පරිදි පිරිසිදු කිරීම වැදගත්. මෙම ප්‍රදේශය හොඳින් පිරිසිදු නොකළහොත් එම ස්ථානයේ ශ්‍රාවයන් එකතු වී බැක්ටීරියා ආසාදනය වීම සිදු වෙනවා. නිරන්තරව මේ අන්දමින් බැක්ටීරියා ආසාදනය වීම නිසා ශිෂ්ණ පිළිකා තත්ත්වයන් ඇති වීමේ අවදානම වැඩි වෙනවා.
HIV වෛරසය
මානව පැපිලෝමා වෛරසය කියන්නේ පොදු වෛරස් කාණ්ඩයක් වෙනුවෙන් ලබා දී ඇති නමක්. පිරිමි පුද්ගලයෙකු මෙම HPV වෛරසයෙන් ආසාදනය වී කාලයක් පුරා මෙම වෛරසය ශරීරයේ පැවැතීම ශිෂ්ණ පිළිකාවක් ඇති වීමේ අවදානම වැඩි කරන බව මවුරිසියෝ ඩේනෙර් වැඩි දුරටත් සඳහන් කරනවා.
මේ නිසා වෛරසය වෙනුවෙන් ශරීර ප්රතිශකක්තිකරණය ගොඩ නගා ගැනීම වැදගත්. ඒ වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත් පවා දැන් හඳුනාගෙන තිබුණත් බොහෝ රටල් තුළ මෙම HPV වෛරසයට එරෙහිව එන්නත් කිරීම සහ එහි වැදගත්කම ගැන සමාජය දැණුවත් වී නැහැ. ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් රෝගය වළක්වා ගැනීමේ ආවරණය 90% ක් තවමත් පිරිමි දරුවන් අතර එන්නත ලබා ගැනීමේ ප්‍රතිශතය 40% ක්. ගැහැණු දරුවන් අතර මෙය 57% ක් තරම් ඉහළයි.
එන්නත නොගන්නෙ ඇයි… ?
ගැබ් ගෙල පිළිකාවන්ගෙන් ආරක්ෂාව සඳහා කාන්තාවන් වෙනුවෙන් එන්නත් කිරීමේ වැඩ සටහන ප්‍රවර්ධනය වුනත් ඊට සමගාමී ලෙසින් පිරිමින්ටත් ශිෂ්ණ පිළිකාවෙන් ආරක්ෂා ලබා ගැනීමට එන්නතක් තිබෙන බවට තවම සමාජයේ දැණුවත් වීමක් නැහැ. ඒ නිසාම ගෝලීය වශයෙන් ශිෂ්ණ පිළිකාවට ගොදුරු වීමේ රෝගීන් සංඛ්‍යාව දවස පුරා වැඩි වෙමින් පවතිනවා.
2022 වසරේ JMIR Public Health and Surveillance ජර්නලය මගින් රටවල් 43 ක නවතම දත්ත ඇතුලත් මහා පරිමාණයේ විශ්ලේෂණ ප්‍රතිඵල අනුව වැඩිම ශිෂ්ණ පිළිකා රෝගීන් සංඛ්‍යාවක් උගන්ඩාවෙන් වාර්තා විය. 2008-2012 අතර මෙම අනුපාතය 1000,000 ට 2.2 ක් විය. බ්රසිලයේ 1000,000 ට 2.1 සහ තායිලන්තයේ 1000,000 ට 1.4 ක් වාර්තා විය. කුවෙට් රාජ්‍යයෙන් අඩුම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණ අතර එය 1000,000 ට 0.1 ක් බැව් වාර්තා වෙනවා.
එමෙන්ම යුරෝපයේ ශිෂ්ණ පිළිකාවට ගොදුරු වන රෝගීන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ශිෂ්ණ පිළිකා රෝගීන්ගේ වර්ධනය මෙන්ම ඔවුන්ගේ මරණ සංඛ්‍යාවත් ඉහළ යන ප්රවනතාවයක් පවතින බැව් චීනයේ සුන් යට් සෙන් විශ්ව විද්‍යාලයේ ලෙයිවෙන් ෆු සහ ටියාන් ප්රමුඛ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.Global Cancer Registries හි නිර්ණායකයන්ට අනුව 1979 සහ 2009 අතර කාලයේදී 1000,000 ට 1.1 සිට 1.3 දක්වා රෝගීන්ගේ වැඩිවීමක් ඇති විය
ජර්මනියේ 1961 සිට 2012 අතර1000,000 ට 1.2 සිට 1.8 ක් දක්වා 50% කින් රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මේ අනුව 2050 වසර වන විට ගෝලීය වශයෙන් ශිෂ්ණ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 77% ඉක්මවනු ඇතැයි ඇස්තමේන්තු කරනවා. ඇත්තටම ශිෂ්ණ පිළිකාවකින් ආරක්ෂා වීමට කටයුතු කිරීම ඉතා පහසුයි. ඒ නිසා පිළිකාවක් ඇති වීමට පෙරාතුව එය වලක්වා ගැනීමට කටයුතු කරන්න.
බී.බී.සී ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️