හිසට වහලක් යන නමින්ද සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන නිවස යන ස්ථානය ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ ඇති සැනසිලිදායකම ස්ථානයක් විය යුතුය. එනම් සැමගේම ජීවිතයේ සතුටින් සිටිය හැකි තැනක් විය යුතුය. මෙම හේතුව මත සුවසේ ජීවත් වීම උදෙසා අප විසින් නව නිවසක් ඉදි කිරීම මෙන්ම දැනට පවතින තමාට හිමි නිවස අලුත් කිීරිිම හෝ නව කොටස් එකතු කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන දෙයක් වශයෙන් හැඳින්විය හැකිය.
නමුත් නිවසකට අලුත් පෙනුමක් ලබාගැනීමට හෝ නිවසට කොටස් එකතු කිරීමද ඉතාම කල්පනාකාරීව මෙන්ම වාස්තු ශාස්ත්‍රානුකූලව සිදු කළ යුතුය. එමෙන්ම එය ප්‍රායෝගිකව ඉදිකිරීමේදී විවිධ ගැටළු ඇති නොවන ලෙසද සිදු කළ යුතුය.
නිසි නිවාස සැලසුමක් නොමැතිව ඉදිකළ නිවාසවලට මෙම කරුණු පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතු අතර නිවසට නව පෙනුමක් ලබා දීමේ අරමුණින් හෝ නිවසේ ඇති ඉඩකඩ සීමා වීම මත සිදු කරනු ලබන මෙම ඉදිකිරීම් මගින් නිවසේ නැති වාස්තු දෝෂ ඇති වීමේ හැකියාවක්ද ඇත.
මෙහිදී ඇති වන ප්‍රධාන වෙනස්කම් වශයෙන් නිවසේ මධ්‍ය ලක්ෂය වෙනත් තැනකට යොමු වීම, දිශාගතව ඇති ගෘහ අංග වෙනස් වීම, නිවසේ වර්ගඵලය සහ හැඩය වෙනස් වීම, ඉඩමත් සමඟ ඇති වන ගැටලු සහ ද්වාර සටහන ආදිය පෙන්වා දිය හැකිය.
නිවසකට කොටසක් එකතු කිරීමේදී එම නිවස තුළ ඇති මධ්‍ය ලක්ෂය එකතු කරන නව කොටසට සාපේක්ෂව වෙනත් ස්ථානයකට යොමු වීම සිදු වන කරුණක් නමුත් මෙම මධ්‍ය ලක්ෂය ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන ස්ථානයකට යොමු වන පරිදි කොටසක් එකතු කිරීම සිදු කළ යුතුය.
එනම් මෙම මධ්‍ය ලක්ෂය නිවසේ ඇති ප්‍රධානම ස්ථානයක් වන බැවින් එම ස්ථානයට ඉහළින් යට ලී, බාල්ක ආදිය නොමැති නිවසක තරප්පු පෙළට හසු නොවන පරිදි, නිවසේ වැසිකිළි සහ නාන කාමරවලට හසු නොවන පරිදි මෙන්ම නිවසේ ප්‍රධාන දොරට ඉදිරියෙන් නොපිහිටන ආකාරයට නිවසට නව කොටස් එකතු කිරීම සිදු කළ යුතුය.
එමෙන්ම නිවසේ ඇති වර්ගඵලය වෙනස් වීමද මෙයත් සමග සිදු වන කරුණකි. මෙය අය, වැය, ආයුෂ ආදි කරුණුවලින් සමන්විත ගණිතමය කරුණක් වශයෙන්ද හැදින්විය හැකි අතර එම වර්ග කිරීමද නිවසට නව කොටසක් එකතු කිරීමේදී ඒ සඳහා ඇති සුදුසු අගයන්වල පවත්වා ගත යුතුය.
මීට අමතරව නව කොටස් එකතු කිරීමත් සමග නිවසට නොගැළපෙන ලෙස දිශාවන් අඩුවීම, L, හැඩයන් ගැනීමද පෙන්වා දිය හැකි අතර ම නිවසේ පළල මෙන් දෙගුණයකට වඩා දිග වැඩිවීම වැනි නිවසකට නොගැළපෙන හැඩයන් ගැනීමද පෙන්වා දිය හැකිය.
නිවසේ හැඩයන් අනවශ්‍ය පරිදි විෂම වීම එම නිවැසියන්ට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන වාස්තු දෝෂයකි. නව කොටස් එකතු කිරීම් මත නිවසේ සුදුසු ලෙස පැවති දොරටු තැබීම් එනම් නිවසට ඇතුලුවීමේ හා පිටවීමේ දොරටු තබා ඇති ක්රමයද වෙනස්විය හැකිය.
මෙයට උදාහරණයක් වශයෙන් උතුර, දකුණ, නැගෙනහිර යන දිශාවන්වලට දොරටු තබා ඇති නිවසක් “ධනද” ලෙස හඳුන්වන ඉතාම සුදුසු නිවසක් වන අතර මෙම නිවසට නව කාමරයක් එකතු කිරීමට සිතා නැගෙනහිර දිශාවේ ඇති පිටවීමේ දොරටුව යොදා ගනිමින් එම නව කාමරය සැලසුම් කළ අවස්ථාවක නැගෙනහිර දිශාවෙන් නිවසින් එළියට පිටවිම හා නැවත නිවස තුළට පැමිණීමේ හැකියාව අවහිර වීමක් සිදුවේ. මෙම හේතුව මත මෙම නිවස තුළ උතුර හා දකුණ දිශාවලට පමණක් නිවසට ඇතුලුවීමේ හා පිටවීමේ දොරටු පිහිටයි. මෙය “රිපුද” වශයෙන් හඳුන්වනු ලබන අසුබ ලෙස දොරටු තබා ඇති නිවසක් බවට පරිවර්තනය වේ.
තවද සාමාන්‍යයෙන් වාස්තු ශාස්ත්‍රය තුළ දිශාවන් පිළිබඳව වැඩි අවදානයක් යොමු කරයි. නිවසක දිශාවන් තීරණය කිරීමේදී එය එම නිවසේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට තීරණය කළ යුත්තකි.
ප්‍රථමයෙන්ම සුබ ලෙස නිවැරදිව දිශාගතවී තිබූ ගෘහ අංග පිහිටුවීමත් එම නිවසට නව කොටසක් එකතු කිරීම මත මධ්‍ය ලක්ෂ්‍යය වෙනස් වීම මඟින් එහි දිශාවන් නැවත වෙනස් වීමකට ලක්වේ. එම නිසා නිවසකට කොටස් එකතු කිරීමේදී එය දිශාවන්ට ගැළපෙන ලෙස සිදුකළ යුතුය.
සාමාන්‍යයෙන් ඉඩමක නිවසක් ඉදිකිරීමේ දී වාස්තු ශාස්ත්‍රානුකූලව උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවලට ඉඩමේ වැඩි ඉඩක් ඉතුරු වන ලෙස නිවස සෑදීම කළ යුතුය. මෙය ඊසාන දිශාවෙන් එම නිවසට ලැබෙන අන්තරීක්ෂ ශක්තිය වැඩි වශයෙන් ලැබීමට හේතුවකි.
නමුත් නිවසකට නව කොටසක් ගැනීමේදී මෙම දිශා තුනට ඉඩමේ වැඩි ඉඩක් එනම් දකුණ, බටහිර යන දිශාවන්වලට සාපේක්ෂව තිබිය යුතු අතරම මෙහිදී නැවත නිවස විශාල වන බැවින් පෙර සඳහන් කළ පරිදි නිවසේ මධ්‍ය ලක්ෂ්‍යය ද වෙනස් වේ. මෙහිදී නිවසේ හරි මැද සහ ඉඩමේ හරි මැද එක මත එක නොපිහිටින ලෙස නිවස සැලසුම් කිරීමද අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.
මෙම කරුණුවලට අමතරව මෙහිදී ඇතිවන තවත් ප්‍රායෝගික කරුණු කීපයක්ද පෙන්වා දිය හැකිය විශේෂයෙන්ම එකතු කරන නව කොටසට වහලයක් සෙවිලි කිරීමේ ඇතිවන ප්‍රායෝගික ගැටළුව මෙහිදී පෙන්වා දිය හැකිය.
පෙර පැවති නිවසේ වහලයට නව කොටසේ වහලය එකතු කිරීමේදී ජලය බැස යාමේදී ඇතිවන අපහසුතා, පොළොවත් සමග වහලයට ඇති උස අඩුවීම වැනි ගැටළු මෙන්ම පෙර පැවති නිවසේ ගෘහ අංගයක ජනෙල් වැසී යන පරිදි නව කොටස් එකතු වීමද පෙන්වා දිය හැකිය.
මෙහිදී නිවස තුළට ලැබෙන ආලෝකය හා වාතාශ්‍රයද අඩුවීම මඟින් නිවස තුළ අඳුරු ගතියක් ගැනීමද සිදුවේ. ඇතැම්විට නව කොටසට යොදනු ලබන ජනෙල් සහ දොරවල්වල නිර්මාණ මෝස්තරයන් පෙර පැවති දොර ජනෙල් සමඟ ගැළපෙන ලෙස යෙදීම සුදුසුය. එසේ නැතිනම් එය නිවසේ අලංකාරත්වයට බලපෑමක් ඇති කරයි.
මේ අයුරින් ගත් විට නිවසකට නව කොටස් එකතු කිරීම හා නව පෙනුමක් ලබාගැනීමට ප්‍රථමව සලකා බැලිය යුතු වාස්තු ශ්රාස්තානුකුලව සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික ගැටළුද අවම වන පරිදි එය සිදු කිරීම මඟන් වියදමද අඩු ප්‍රායෝගිකත්වය මෙන්ම වාස්තු ශ්රාස්ත්රානුකූල සංකල්ප තුලනාත්මකව යොදාගත් අලංකාර හා වැඩි ඉඩකඩ ඇති සුබදායක නිවසක් ලබාගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️