සකස් කරන ලද ආහාර සෞඛ්‍යට අහිතකර බවට වූ සමාජ දැනුවත් කිරීම කාලාන්තරයක පටන්ම සිදු වෙනවා. විශේෂයෙන් සොසේජස්, හැම් වැනි සකස් කළ මස් ආහාරයට ගැනීම අහිතකර බැව් මේ වනවිටත් විද්‍යාත්මක අධ්‍යනයන් මගින් පවා සනාථ වී තිබෙනවා. ඒ වගේම මෙම ආහාර අපි නිවසේදී නැවත සකස් කරනවා. උදාහරණයක් විදිහට ඔබ සොසේජස් එකක් ඒ විදිහටම ආාහරයට ගන්නේ නැහැ. එය නැවත බැදීම අපේ මුළුතැන්ගෙදරදී සිදු වෙනවා.
නමුත් මේ විදිහට බැදීමක් කරන විට එයින් නිකුත් වන දුම නිවසේ අයට විතරක් නොව, අසල්වැසි නිවෙස්වලටත් අහිතකර ලෙසින් බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන් පෙනහළු ආශ්රිත රෝග ඇති වීමට මෙම අහිතකර වායුව හේතු වෙනවා.
බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම අධ්‍යනය සිදු කරනු ලැබුවා.
ඔවුන් විසින් තෝරා ගත් නගරයක නිවෙස් වෙතින් වාතයට මුදා හැරෙන දුම ( ආහර පිසින විට ) Impinger පරීක්ෂණ උපකරණයකට එක්රැස් කළා.එසේ එක්රැස් කරන ලද සාම්පලවල ඇති දුමේ තිබෙන අහිතකර සංයෝග පරීක්ෂණය කළා. එහිදී පෙනී ගිය අන්දමට නිවසක ආහර පිසින විට මුළුතැන්ගෙයින් නිකුත් වන දුම පෙනහළු ආශ්රිත රෝගවලට වගේම පෙනහළු පිළිකා තත්ත්වයන්ටත් හේතු වන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දුන්නා.
ඒ වගේම නිවස තුළ වායුව පවා දූෂණය වන තරමටම අපේ නිවසේ මුළුතැන් ගෙදරින් නිකුත් වන දුම අහිතකර බැව් මේ අනුව දැන් තහවුරු වී තිබෙනවා.මේ තත්ත්වය නිවාස සංකීර්ණවල සහ මහල් නිවාසවල ජීවත්වන උදව්යි වෙනුවෙන් වඩාත් තදින් බලපානවා. මිනිසුන්ගේ ජීවන රටාව ඔවුන්ට පහසු අන්දමින් එක් පැත්තකින් වෙනස් වනවිට තවත් අතකින් ඔවුන් රෝගීන් බවට පත් වන අවදානමත් වැඩි වෙන බැව් මේ අනුව තහවුරු වෙනවා නේද…?
Mail on line
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️