“ප්‍රවීණා” කියන්නේ 2005 සිට 2010 දක්වා විකාශය වුණු ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරේ උපරිම ලබාගත්තු සිංහල හඬකවන ලද ඉන්දියානු ටෙලි නාට්‍යයක්.“ Kasautii Zindagii kay ” ලෙස ඉන්දියාවේ විකාශනය වුණු මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ස්වේතා තිවාරි.
අදවෙනකොට ස්වේතා තිවාරිට වයස අවුරුදු 44 ක්. වයස කොහොම වුණත් ස්වේතා තාම කෙල්ලෙක් වගේ ලස්සනයි. ස්වේතාගේ දුව පලක් තිවාරිට වයස විසි දෙකයි. දුවයි අම්මයි එකට ඉදිද්දී බලන් ඉන්න අයට පේන්නේ අක්කයි නංගියි වගේ. දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් වුණත් එන්න එන්නම ස්වේතා තිවාරිත් ලස්සන වෙනව.
හැබැයි ඇය ලස්සන වෙලා තියෙන්නේ නිකම් ඉදල නම් නෙවෙයි ඒ ගැන ස්වේතා කියන්නේ මේ විදියට.“ඔයා කම්මැලි වෙලා කකා බිබී හිටියොත් මැජික් එකකින් වගේ බර අඩුවෙන්නෙ නෑ.
ඇග ෆිට් එකට තියාගන්න නම් ඉවසීම වගේම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕන. හොඳ කෑම වගේම නිතිපතා ව්‍යායාම් කරන එක හරිම වැදගත්.ඔයා කෑම කාල නිදියන එක විතරක් කරනවනම් ඒ හීනෙට යන්න බැරි වෙනව“
ස්වේතා කෑම ආවට ගියාට කාල නෑ. පෝෂණවේදියෙක්ගේ උපදෙස් අරගෙන තමයි ඇය ආහාර අරගෙන තියෙන්නේ. ක්ෂණික ආහර වර්ග ,සීනි වැඩි පාන වර්ග ඇගට ගන්න එක ඇය නතර කරල තියෙනව. ඒ වෙනුවට ප්‍රෝටීන් කාබෝහයිඩ්රේට් විටමින් තියෙන සමබල ආහර වේලක් පෝෂණවෙදී උපදෙස් අනුව ගන්න පුරුදු වෙලා. අනවශ්‍ය කැලරි දහනය කරන්න දිවීම,පැනීම,පිහිනීම වගේ දාඩිය එන ශරිර ක්‍රියාකාරම් කරන්නත් ඇය පුරුදු වෙලා තියෙනවා. ලස්සනට ඉන්න නම් ඇග වගේම මනස ගැනත් හිතන්න ඕනත ඒ නිසා ශ්වේතා යෝගා කරන්න,භාවනා කරන්න,
පොසිටිව් විදියට හිතන්න වගේම හොඳ සමජ සම්බන්ධතා ඇති කරගන්නත් අමතක කරල නැහැ.වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල ඔප්පු කරන්න ඇය තමන්ටම ටාගට් දීල තියෙනවා. ටාගට්වලට යනකම් ශ්වේතා තමන්ගේ ගමන නවත්තල නැහැ. ඒ නිසා දරුවෝ දෙන්නෙක් හිටියත් වයස හතළිහ පැන්නත් තාමත් කෙල්ලෙක් වගේ ඉන්න ශ්වේතට පුළුවන් වෙලා තියෙනවා ඇගේ සුන්දරත්වයේ රහස වෙන මොකක්වත් නෙවෙයි ඒ කැපවීමයි මහන්සියයි.
පවනි දිලේකා ✍️