ජීවත්වීම සඳහා නිවසක් ඉදිකිරීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරිත්වයට ගැළපෙන පරිදි අප විසින් නිවසක් සැලසුම් කරගැනීම සහ ඉදි කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක්.
මෙහිදි වාස්තු විද්‍යාත්මකව නිවසක් සෑදීමෙන් එය පුද්ගල සාර්ථකත්වයට මෙන්ම එම නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයද ඉහළ තත්ත්වයක පවත්වා ගැනීමට මහඟු පිටිවහලක් වේ.මෙම කාරණාවේදී ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ ඒ ඒ දිශාවන්ට ගැළපෙන ලෙස ගෘහ අංග පිහිටු වීමය. මෙම ගෘහ අංග පිළිබඳව සලකා බැලීමේදී නිවසත් සමඟ ඉදි කරනු ලබන නාන කාමරය හා වැසිකිළිය පිළිබඳව වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්ත හා සංකල්පයන් ඉතා නිවැරදිව ගළපා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ.
අතීතයේ දී නිවසින් දුරස්ව ඉදිකළ මෙම අංගය වර්තමානයේ දී සමාජයේ ඇති කාර්යබහුලත්වය, ඉඩකඩ සීමා වීම හා ප්‍රායෝගිකව භාවිත කිරීමේ පහසුව මත නිවසත් සමඟ බද්ධව එකම අත්තිවාරමක් මත ඉදි කරනු ලබයි.
කෙසේ නමුත් මෙමAttached Bath Room යන සංකල්පය මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ භාවිත කරන ලද්දක් නොව එය රාජධාණි යුගවල පවා භාවිත කරන ලද සංකල්පයක් වන අතර ඊට උදාහරණයක් ලෙස ක්‍රි.ව. 1153-1186 අතර කාලය තුළ ඉදි කරන ලද පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රාජ මාලිගාව තුල මාලිගාවත් සමඟ එකට බද්ධව ඉදිකළ වැසිකිළිය පෙන්වා දිය හැකිය.
එමෙන්ම වර්තමානයේදී ද නිවාස තුළ ඉදි කරනු ලබන මෙම නාන කාමරය හා වැසිකිළිය ඉදි කිරීමේ දී නිවැරදි දිශාවන් හා ප්‍රායෝගික ගැටළු ඇති නොවන ආකාරයට ඉදිකළ යුතුය. සාමාන්‍යයෙන් වාස්තු ශාස්ත්‍රය තුලදී ස්නාන ගෘහ වශයෙන් හඳුන්වනු ලබන නාන කාමරය පමණක් නම් එය නැගෙනහිර දිශාව සුදුසු වේ. නමුත් වැසිකිළිය හා නාන කාමරය එක්ව සාදන අවස්ථාවන්හි ඒ සඳහා විශේෂයෙන්ම සුදුසු වන්නේ බටහිර වයඹ දිශාගත කෝණය වේ.
මෙහිදි වයඹ දිශාව වඩාත්ම සුදුසු දිශාව වේ. වායෝ ගුණය ලෙස සලකනු ලබන හමාගෙන යාම ඉවත් කිරීම යන ගුණයන් අඩංගු වන මෙම දිශාව වැසිකිළිය හා වැසිකිලි වල ඉදිකිරීම වඩාත් සුදුසුය. ඉහත සඳහන් කරන ලද පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රාජමාලිගය තුළද වැසිකිළිය ඉදි කර ඇත්තේ වයඹ දිශාවේය.
නමුත් මෙම දිශාවල වැසිකිළිය ඉදි කිරීමට නොහැකි අවස්ථාවල දකුණු දිශාව ඒ සඳහා විකල්ප දිශාවක් ලෙස ගත හැකිය. එම දිශාවත් ප්‍රායෝගිකව ගැනීමට අපහසු නම් පමණක් අනෙකුත් විකල්ප දිශාවන් ගත්ත ද කිසිවිටකත් ඊසාන හා නිරිත යන දිශාවන් යුගලය වැසිකිළිය සඳහා නොගත යුතුය.
මෙහිදි නිවසේ වැසිකිළි වලද මෙම ඊසාන හා නිරිත යන දිශාවන්වල සැලසුම් නොකළ යුතුය.සාමාන්‍යයෙන් අන්තරික්ෂ ශක්තිය ගලනය වන දිශාව ඊසාන දිශාව වන අතර වාස්තු පුරුෂ සංකල්පය මත වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇති දිශාව ද ඊසාන දිශාව බැවින් ද මෙම දිශාව තුළ වැසිකිළිය හා වැසිකිළි වල ඉදිකිරීම නිවැසියන්ට ගැටළුකාරී තත්ත්වයන් ඇති කරවයි.
මීට අමතරව ළිඳ සඳහා ද සුදුසුම දිශාව වශයෙන් හඳුන්වනු ලබන්නේ ද ඊසාන දිශාව වේ. ළිඳ සහ වැසිකිළිවල අතර අවම වශයෙන් අඩි 50ක දුරක් තිබීම සුදුසු වන අතර ඉඩමේ ඊසාන දිශාවේ ළිඳක් ඇති නිවසක වැසිකිලිවල ප්‍රායෝගිකව එම දිශාවට ආසන්නයෙන් ඉදි නොකිරීමට හේතුවක් වශයෙන් ද මෙය පෙන්වාදිය හැකිය.
මීට අමතරව එම දිශාවෙන් ලැබෙන අන්තරික්ෂ ශක්තිය තැම්පත් වන දිශාව වශයෙන් සලකනු ලබන නිරිත දිශාවේ ද වැසිකිළිය සහ වැසිකිළිවල ඉදි නොකිරීම ඉතාම ඉතාම සුදුසු ය.තවද මෙහිදි නිරිතදිග මෝසම හා ඊසානදිග මෝසම සක්‍රීය වන කාල වලදී සුළං මඟින් මෙම දිශා යුගලයේ ඇති වැසිකිළිය හා වැසිකිළි වලෙන් පිට වන අහිතකර ද්‍රව්‍ය නිවස තුළට පැමිණීම ද සිදුවේ. කෙසේවෙතත් මෙම දිශා යුගලයේ වැසිකිළිය හෝ එහි වල තිබීම මඟින් නිවැසියන්ට ද අහිතකර බලපෑම් ඇති වේ.
එමෙන්ම නිවසක මධ්‍ය ලක්ෂය වැසිකිළිය හෝ නාන කාමරය තුලට පැමිණීමද වාස්තු ශාස්ත්‍රානුකූල ගැටළු ඇති කරවයි. එමෙන්ම වැසිකිළිවලද ඉඩමේ මැදට වන්නට නොගැනිය යුතු අතර වයඹ, බටහිර වැනි හෝ සුදුසු දිශාවන්හි කෙළවරක ඉදිකිරීම සුදුසු ය. තවද නිවස තුළ වැසිකිලිවල තිබීම ද තවත් ගැටළුවකි. තවද අෂ්ඨ දස වේධ දෝෂයන් හි එකක් වන නිවසේ ප්‍රධාන දොරට ඉදිරියෙන් වැසිකිළි වල පිහිටීම වැනි අපිරිසිදු ස්ථානයන් තිබීම වර්චස්ථාන වේධ දෝෂය වශයෙන් හඳුන්වනු ලබන අහිතකර ඉදිකිරීමක් වේ.
සාමාන්‍යයෙන් මහල් කිහිපයක නිවසක නිවසේ පූජාසනයට ඉහළින්, මුළුතැන්ගෙට ඉහළින් වැසිකිළිය හෝ නාන කාමරය සැලසුම් නොකළ යුතු අතර එය නොගැළපීමක් හෝ ඉදිකිරීමේ දී ද ගැටළු ඇති කරයි. පහත මාලයේ වැසිකිළියට ඉහළින් ම ඉහළ මාලයේ වැසිකිළි එක පෙළට සැලසුම් කර ගැනීම ප්‍රායෝගිකව මෙන්ම වාස්තු ශාස්ත්‍රානුකූලව ඉතාම නිවැරදිය.
මීට අමතරව නාන කාමර තුළ ඇති ජල කරාමවලින් නිකරුණේ ජලය ගලා යාම නිවසක ආර්ථික හානි පෙන්වයි. ස්ථාවර ජලය තැන්පත් ධනය පෙන්වන අතර නිකරුණේ ජල කරාමවලින් පිට වන ජලය තැන්පත් ධනය නිකරුණේ වියදම් වීම පිළිබිඹු කරවයි. මේ නිසා නිවස තුල එවැනි ස්ථාන ඇත්නම් ඒවා පිළිසකර කර ගැනීම ඉතාම වැදගත් වේ.
මීට අමතරව ප්‍රායෝගික කරුණක් වශයෙන් නිවසේ පොළවට වඩා අඟල් කිහිපයකින් නාන කාමර සහ වැසිකිළිය පහත්ව නිර්මාණය කර ගැනීම ඉතාම සුදුසු ය. මෙමඟින් අපිරිසිඳු ජලය නිවස තුළට ගලා ඒම වළකා ගත හැකිය. සාමාන්‍යයෙන් පෞද්ගලිකත්වයට හානිනොවන පරිදි හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිදි එහි ඇති කවුළු තරමක් විශාලව ඉදි කිරීම සුදුසු ය. මෙ මඟින් නාන කාමර ඉක්මනින් වියළා ගැනීමටත් පහසුවකි.
එමෙන්ම සෑම වේලාවකම මෙම ගෘහ අංගයන්හි දොරටුව වසා තිබීම ද වාස්තු ශාස්ත්‍රනුකූලව සුබදායකය. සාමාන්‍යයෙන් මෙහි ආලේපය සඳහා ද නිල් හෝ සුදු වර්ණයන් සුදුසු වේ.
නමුත් නුසුදුසු දිශාවක වැසිකිළිය හෝ එහි වළ පිහිටා ඇත්නම් එය වෙනස් කර ගත නොහැකි අවස්ථාවල යෙදිය හැකි ප්‍රතිකර්ම ද ඇත. මේ සඳහා නූතන පිරමීඩ වාස්තු ශිල්පය ද යොදා ගත හැකිය. තවද ගෘහස්ථ පැළ වර්ග තිබීම ද සුදුසු ය.
මේ අයුරින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන ශක්තීන් ගේ බලපෑම නිවැරදි ලෙස නිවසකට යොදා ගැනීම මඟින් හා තුලනාත්මකව ගළපාගැනීම මඟින් සුබදායක නිවසක් ලබාගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️