මේ අවුරුද්දේ අග භාගය අපේ රට ක්‍රීඩාව ඉදිරියේ වරින් වර කැපී පෙනෙන රටක් බවට පත්වෙලා තියෙනවා. එක පැත්තකින් ක්‍රිකට්. අනිත් පැත්තෙන් ඔලිම්පික්. ඔය ඉසව් දෙකට වැඩි වශයෙන් අපේ අවධානය යොමුවුණත් අවධානයක් යොමු නොවන තව ඕනතරම් තරග ඉසව්වලට අපේ රටේ කොල්ලො කෙල්ලො සහභාගී වෙනවා. සමහරුන්ට ජාත්‍යන්තර තරග අවස්ථා ලැබිලත් ඒවට වියදම් කරන්න මුදල් නැතිකමින් කරබාගෙන ඉන්නවා. ඉතින් පහුගිය දවසක මුහුණු පොතේ සැරිසරද්දියි මම සවි එසවීමේ ජාත්‍යන්තර තරග ඉසව්වකට සහභාගී වෙන්න සත්කාරයක් බලාපොරොත්තු වෙන උවිඳුව දැක්කේ. අපේ මිනිස්සුන්ට අත දෙන්න ඕන අපිම නිසා මම හිතුවා උවිඳුගේ කතාව ඔබට කිව්වොත් ඒක ඔහුට ජාත්‍යන්තර තරගයට සහභාගී වෙන්න ලොකු පිටිවහලක් වේවි කියලා.
මුලින්ම උවිඳු කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…
මගේ ගම හලාවත. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. පසුව NSBM හරිත සරසවියෙන් LOGISTIC අංශයෙන් උපාධියක් ලබාගත්තා. මම සවි එසවීම ක්‍රීඩාවට එන්නේ 2019 අවුරුද්දේ. ඉතින් එදා ඉඳන් අද වනතුරු ක්‍රීඩාව තුළ ඉන්නවා. මොන බාධක ආවත් මගේ ඉලක්කවලට ලොකු උත්සහයකින් යන පුද්ගලයෙක් වශයෙන් තමා මන් මාව දකින්නේ.
සවි එසවීමේ ඉසව්ව ගැන හැඳින්වීමක් කළොත්…
සවි එසවීමේ ක්‍රීඩාව කිව්වම ගොඩක් අය අහනවා Weightlifting ද කියලා. Weightliftingවලදි බර උස්සන විදිහ වෙනස්. ඒකෙදි Snatch සහ Clean & Jerk කියන විදිහට තමා බර උස්සන්නේ. ඒත් සවි එසවීමේ ක්‍රීඩාවේදි Squat Bench & Deadlift කියන Events තුන තමා තියෙන්නේ.
උවිඳු මේ වෙනකල් ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවද?
දැනට මම 2021, 2022, 2023, 2024 ජාතික ශූරතාවලිය දිනලා තියෙනවා. මගේ බර පන්තියේ ඒ වගේම 2019 දි කසකස්තාන් වල තිබ්බ ආසියානු ශූරතාවලියේ 6 වෙනි තැනත් 2022 ඩුබායි වල පැවති ආසියානු ශූරතාවලියේ 10 වන තැනත් 2023 හොංකොං වල පැවති ආසියානු පැසිෆික් ශූරතාවලියේ ලෝකඩ සහ රිදී පදක්කම් දෙකත 2023 මැලේසියාවේදි පවති ආසියානු ශූරතාවලියේ තවත් ලෝකඩ පදක්කමකුත් දිනාගන්න පුළුවන් වුණා. ඒ වගේම මගේ බර පන්තියේ සියලුම ජාතික වාර්තා මගේ නමින් තියෙන්නේ.
Squat: 300Kg
Bench press : 1725Kg
Deadlift: 310Kg
Total: 7725 Kg
උවිඳු කොහොමද පවර්ලිෆ්ටින් පැත්තට යොමු වුණේ?
මම ඉස්සෙල්ලම කළේ Weightlifting. පස්සේ මට ආබාධයක් ආවා කකුලේ. දොස්තර කිව්වා මාසයක් විතර හැමදේම නවත්තන්න කියලා. ඒත් මන් හිටියේ දවස් 10ක් වගේ කාලයක්. මොකද ගොඩ කාලයක් ස්පෝර්ට්ස් කරලා එහෙම එක තැන ඉන්න හරිම අමාරුයි. ඉතින් මන් ගියා NSBM එකේ ජිම් එකට. එහිදි තමයි මට පළවෙනි Coach හම්බන්නේ. එයා ඇහුවා කරන්න කැමතිද කියල. ඉන් පසුව තමා මන් සවි එසවීමේ ක්‍රීඩාවට එන්නේ.
ඉදිරියේදි තියෙන තරග ගැන සඳහනක් කළොත්…
ඔක්තෝබර් 4 වෙනිදා සවි එසවීමේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය පැවැත්වෙනවා දකුණු අප්‍රිකාවේ. මම 105Kg බර පන්තියේ තරග වදිනවා. දැනට බජට් එක ලක්ෂ 10ක මුදලක් යනවා. ඒකට මට දැනට හොයාගන්න පුළුවන් වුණේ සුළු ප්‍රමාණයක් විතරයි.
මේ වගේ තරගයකට සහභාගි වෙන්න ස්පොන්සර්ෂිප් එකක තියෙන වටිනාකම මොන වගේද?
මේ වගේ තරගයකට යන්න හැමෝටම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අවුරුදු හයහමාරක කාලයක් මොන ප්‍රශ්න තිබ්බත් මන් ජිම් එකට ගිහින් ට්‍රේනින් කළා. ගොඩක් මහන්සි වුණා. ඉතින් මේ හම්බෙලා තියෙන්නේ හැමෝටම හම්බෙන්නේ නැති අවස්ථාවක්. මේකට සහභාගී වෙන්න කාගේහරි උදව්වක් ඕනේ. මගේ උපරිමය මං එහිදි කරනවා.
වෙන රටවල්වල ක්‍රීඩකයෝ එන්නේ Physio කෙනෙක් සහ දොස්තර කෙනෙක් එක්ක. අපිට ඉන්නේ අපේ ක්‍රීඩකයෝ විතරයි. ලංකාවේ කොඩිය යට එන හැඟීම වෙන කොහේදිවත් හම්බෙන්නේ නෑ. ඒකයි තාමත් ලංකාවේ ඉන්නේ. ලංකාවේ මිනිස්සුන්ට මන් ආදරෙයි. ඒ මිනිස්සු තමා මම ලොකු හයියක් කරගන්නේ පුහුණුවීම් කරද්දි සහ තරගවලදි.
කවුරුත් තාම ස්පොන්සර් කරන්න ඉදිරිපත් වුණේ නැද්ද?
ගොඩක් අය කතා කළා. එත් හරියටම දෙනවා කියල කවුරුත් කිව්වෙ නෑ. දැනට මගේ යාළුවෝ කීපදෙනෙක් තමා යම් මුදලක් දීලා තියෙන්නේ. ඒ නිසා මට මේ වෙලාවේ කවුරුහරි ස්පොන්සර් කරනවා නම් ඒක මට ලොකු හයියක්. ඒ ඕනම කෙනෙක්ට මාව 0771418914 මේ නම්බර් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.
එරංදි කෞශල්‍යා ✍️