අද අපි කතා කරන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය Avatar චිත්‍රපට මාලාව ගැනයි. ජේම්ස් කැමරන් තමයි මේ චිත්‍රපට මාලාවේ අධ්‍යයක්ෂක. මෙහි ප්‍රථම චිත්‍රපටය තිරගතවූයේ 2009 වසරෙදියි. පසුව මෙහි දෙවනි චිත්‍රපටය වන Avatar ( The way of water)] චිත්‍රපටය 2022 දෙසැම්බර් තිරගත වූයේ එහි පළමු චිත්‍රපටය තිරගත වී වසර 12 කට පසුවයි.
චිත්‍රපටයේ කතා වස්තුව ගෙතෙන්නේ පැන්ඩෝරා නම් ග්‍රහලෝකයේ ජීවත් වන ‘නාවී’ නමින් හදුන්වනු ලබන ජීවින් කොටසක් වටාය. නාවී කියන්නෙ පැන්ඩෝරාවල ජීවත් වෙන බුද්ධිමත් හියුමනොයිඩ් පිටසක්වල ජීවි වර්ගයක්. පෘතුවියෙන් මේ පැන්ඩෝරාවට ගිය මිනිසුන් ඔවුන්ව හඳුන්වන්නේ ‘නිල් මිනිස්සු’, ‘ම්ලේච්ඡයො’,‘පැන්ඩොරාවාසීන්’, ‘සතුරන්’ විදිහට. සාමාන්‍ය මනුස්සයෙක්ගේ ප්‍රමාණයට වඩා විශාල දේහධාරී ශරීරයක් ඔවුන් සතු වෙනවා.
ශක්තිමත් මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් සතුව ඇති නිල් ශරීරය. පළමු චිත්‍රපටයේදී ජේක් සුළි නම් සෙබලා විසින් නාවිලාගේ රහස් තොරතුරු තම සංවිධානය වෙත ලබා දුන්නද පසුව ඔහු නාවිලා සමග එකතු වී තම සංවිධානයට එරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක කරන අයුරු දැකගන්න පුළුවන්.මෙහි දෙවෙනි කොටසේද ප්‍රධාන චරිත ලෙස ජේක් සුළි දැකගන්න ලැබුණා.
වරක් ජේම්ස් ප්‍රකාශ කර තිබුණේ ප්‍රථම ඇවටාර් චිත්‍රපටයන් දෙක කෑමක් පිලිගැන්වීමට සූදානම් කරන කෑම මේසයකට අතිශයින්ම සමාන බවයි. ඔහු මෙමගින් ඉදිරියේදී ඇවටාර් චිත්‍රපටයන් මගින් සිදු වීමට නියමිතව ඇති දේවල් සඳහා පළමු චිත්‍රපටයන් දෙක මගින් හුදෙක් මාර්ගය සැකසු බව ඉඟි කිරීමට උත්සාහ කළා.
ඇ.ඩො මිලියන 250ක පිරිවැයකින් නිෂ්පාදනය වන Avatar 3 චිත්‍රපටය 2025 වසරේ දෙසැම්බර් 19 වැනිදා ලොවපුරා තිරගත වීමට නියමිත අතර පසුගිය දින එහි රූප රාමූ කිහිපයක් එළිදැක්වීම සිදුකළා. එය නම් කර ඇත්තේ AVATAR (Fire and Ash) ලෙසයි. Avatar 1 සහ 2 දෙකෙහිම මිනිසුන්ව ඉතා සෘණාත්මක ආකාරයෙන් සහ නාවිලා ඉතා ධනාත්මක ආකාරයෙන් ඉදිරිපත් කළ අතර Avatar 3 ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කරනු ඇති බවයි Cameron පවසන්නෙ. ඔබ මින් පෙර නොදුටු පැන්ඩෝරාව දකින්න ආසයි නම් ලබන වසරේ දෙසැම්බරය වෙනකන්ම ඔබට ඉවසිලිවන්තව බලාගෙන ඉන්න වෙනවා.
නිපුනි සම්මානි